Breaking News

ලැන්ටියාගේ චින්තනය 05

මහින්ද..!! එහෙමද ආස?


අතුරුදන් වූවන් හොයන්න කාර්යාලයක් පටන් ගන්න අලුත් ආණ්ඩුව තීරණයක් අරං කියලා හැම තැනම කසුකුසු. පත්තරේ බලද්දිත්, ටීවි බලද්දිත්, සෝශල් මීඩියා බලද්දිත් තියෙන්නෙම මේ ගැන. ඒ හැමතැනම ඉන්නේ විමලුයි, ගම්මන්පිලයි. දෙන්නම කියන්නේ මේක දංගෙඩියට අරගෙන යන වැඩක් කියලා. ඇත්තටම එහෙමද?



අපේ රටේ යුද්ධය ඇතිවෙන්න කලිනුත්, යුද්ධය පැවැත්වෙන කාලෙදිත්, ඊටත් පස්සෙත් පුරවැසියා අතුරුදන් වුණා. 71කැරැල්ලෙදි, 83 ජූලි කලබලයේදී, 88-89 ජේවීපී මර්දනයේදී, ඊට පස්සේ 2006 යුද්ධය ආරම්බයත් එක්ක, ඊටත් පස්සේ 2009 පස්සේ. ඔය කියන කාල වකවානු වල පුද්ගලයන් අතුරුදන් වුණා. ඒක කාටවත් නෑ කියන්න බෑ.



හරි දැන් මේ කාර්යාලය ගැන කතා කරමුකෝ.මේ කාර්යාලය පිහිටුවීම සැබවින්ම ප්‍රායෝගික වැඩක්. ඇයි එහෙම කියන්නේ. අද වෙනකල් ලංකාවේ කොහේවත් අපේ අතුරුදන් වූවන් පිළිබඳ සංඝණනයක් නෑ. 88-89 දී ප්‍රා, කළු බළල්ලු, කහ බළල්ලු, ඊට පස්සේ ගෝනි බිල්ලෝ මේ කියන උන් ඔක්කොම දහස් ගාණක කොල්ලෝ අරගෙන ගියා. අරගෙන ගිය උන්ට ගහලා, ඔළු ගෙඩි පළලා, මොළ හාරලා පාරට ගෙනත් ටයර් දාලා ගිණි තිබ්බා. බටලන්ද, එළියකන්ද, බූස්ස වගේ වදකාගාර වලට කියන්න පුළුවන්නම් ඒ ගොඩනැගිලි කතා කරයි උන්ගේ වේදනාව ගැන. එදා මහින්ද සරමත් උස්සගෙන පාගමන් ගියේ ඔය හින්දා, චන්ද්‍රිකා බලයට එන්න කිව්වේ ඔය ගැන හොයනවා කියලා. ඒත් හෙව්වද? නෑ . අන්තිමට චන්ද්‍රිකාට විජය මැරුවේ කවුද කියලවත් හොයාගන්න බැරුව ගියා. ඒ විතරක්ද මහින්දවත් ඒ ගැන වචනයක් කතා කලේ නෑ.



ඒක පැත්තකින් තියමුකෝ. මහින්ද ආවා බලයට. මහින්ද යුද්දේ කළා. යුද්දේ දින්නා. ත්‍රස්ථාවාදීන් වගේම අපේ කොල්ලොත් මිටිගණන් අතුරුදන් වුණා. හැබැයි මහින්ද මේ එක දෙයක් සම්බන්දයෙන්වත් නිෂ්චිත සොයා බැලීමක් සිදුකළේ නෑ. ඔහු ජාත්‍යන්තරයෙන් එන බලපෑම මගහැර හැර හිටියා මිසක් ඒගැන වගේ වගක් තිබ්බේ නෑ. මේ නිසා ජාත්‍යන්තරයෙන් එන බලපෑම එන්න එන්න වැඩි වුණා. ඒත් මහින්ද ගණන් ගත්තේ නෑ. මේ නිසා GSP සහනය, යුරෝපා මත්ස්‍ය අපනයනය වගේ දේවල් නතර කළා.



කොහොම හරි අතුරුදන් වූවන් පිළිබඳ සංඝණන මහින්දගේ ආණ්ඩුවට කලින් රාජ්‍ය නොවන සංවිධාන මානව හිමිකම් කවුන්සලය වෙත යවලා තිබ්බා. හැබැයි ඒවා බොරු වාර්තා. මහින්ද, විමල්, ගම්මන්පිල කියනවා වගේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ. හැබැයි මේ ගොයියෝ ටික මේවා දැන දැනත් සද්ද නොකර හිටියා මොනවද කාපු රිලව් වගේ. හරි වාර්තා ඉදිරිපත් කරන්න මහින්දට බැරි වුණා. 



මේ අතරතුර මාධ්‍යෙව්දීන් ඝාතනය වුණා, අතුරුදන් වුණා, පහර දුන්නා. හැබැයි ඒ එකක් ගැන මහින්දගේ ආණ්ඩුව හෙව්වේ නෑ. සද්ද නොකර හිටියා. නේවි එකේ හිටිය කප්පම්කාරයෝ වගයක්(පස් දෙනයි) කොළඹ ඉස්කෝලේ යන දෙමළ කොල්ලෝ උස්සලා කප්පම් ගත්තා. පස්සේ මැරුවා. හැබැයි මහින්ද නෙමෙයි වචනයක් කතා කලේ. ඒ විතරක්ද සුදු වෑන් බීතිකාවක් වුණා. අපරාධකාරයන්ට වඩා ආණ්ඩු විරෝධි පුද්ගලයෝ තමයි සුදුවෑන් එකේ ගොදුරු වුණේ. හොඳම උදාහරණය වනාතේ සුනිල්. උස්සලා ගෙනත් දැම්මා. හේතුව ගෙවල් අයින් කරන එකට විරෝදය පෑවට. හැබැයි මහින්ද සද්ද නෑ. අන්තිමට මහින්ද 1990 ජිනීවා ගියා වගේ NGO කාරයෝ ටික හොරාට බොරු රිපෝට් ගහගෙන මානව හිමිකම් කොමිසමට ගියා. ඒ විතරක් නෙමෙයි යාපනයේ අතුරුදන් වෙච්ච දෙමළ කොල්ලගේ අම්මා තාත්තා ඉඳන් සන්ද්‍යා එක්නැලිගොඩ දක්වා කට්ටිය ජිනීවා එක්කන් ගියා. මහින්දගේ ආණ්ඩුව මොකද කළේ විමල් වගේ මැටි ගොඩවල් දාගෙන ජීනිවා වලින් ගේම ඉල්ලුවා. ගිය අයට කොටි දේශද්‍රෝහී කියලා ලේබල් ඇලෙව්වා. මහින්දට ඒවා බලලා හිනා. හැබැයි ජීනිවා වලට ඒවා නියම ශාක්ෂි. අන්තිමට ජීනීවා ලෑස්තිපිට හිටියේ වරෙන්කෝ සමුළුවට කියලා. ඒ කිව්වා වගේම ලංකාව පරාද වුණේ නැද්ද ජිනීවා ඡන්දේ? අසල්වැසියා වෙච්ච ඉන්දියාවවත් දුන්නේ නෑ. අන්තිමට මහින්ද මොකද කළේ රටේ නැති බොරු කියලා පොරොන්දු දීලා ජිනීවා වලින් එලියට ආවා. හැබැයි කියපු එකක් වත් කළේ නෑ.LLRC රිපෝට් ගහලා ගන්න ඕන ක්‍රියාමාර්ගත් කතා කලා. ඒත් කලේ නෑ.



මහින්ද රණවිරුවා ආරක්ෂා කරනවා කියලා කළේ මහින්දගේ මැරකම් කරපු තක්කඩියෝ ටික ගාඩ් කරපු එක. හැබැයි ඒ අය රණවිරුවෝ නෙමෙයි. ඒත් මහින්ද ඒ අයවත් රණවිරුවෝ කියන කැටගරියට දාගෙන උන්ව බේරගත්තා. තක්කඩි ටික බේරිලා ජනාධිපතිගාව, ආරක්ෂක ලේකම්ගාව, තානාපති කාර්යාලවල වැඩ කරනකොට නියම රණවිරුවෝ පාරේ සිමෙන්ති ඇනුවා. එදා විමල්ගේ, ගම්මන්පිලලගේ, ගෙවිඳුලගේ, ඔළුගෙඩි තිබ්බේ තමන්ගේ අධෝමුඛයේ.



කොහොම හරි අන්තිමට වැඩේ චොර වෙනකොට මහින්ද පැරදුනා. දැන් මහින්ද කු.පා.ම. එහෙමනේ ආස. දැන් මහින්ද දං ගෙඩියට තියලා ගිය  ලංකාව මෛත්‍රිගේ ආණ්ඩුව බේරගන්න හදනවා. හැබැයි මහින්ද ඒකට කැමති නෑ. මහින්ද තමන්ගේ කුක්කෝ ටික දාලා පාර්ලිමේන්තුවේ බාල්දි පෙරලනවා. ඇයි? රණවිරුවන්ට ආදරේටද? නෑ මහින්ද බයයි රණවිරු වෙස් අරගෙන හිටිය මහින්දගේ දඩ බල්ලෝ අහුවෙයි කියලා. ඒ නිසා මහින්දට ඕනේ වැඩේ බ්ලාස්ට් කරන්න. මහින්ද කොහොම හරි වැඩේ අණනවා.



අතුරුදන් වෙච්ච කාර්යාලය පිහිටෙව්වොත් ආණ්ඩුවට අනිවාර්යයෙන් මේ චෝදනා වලින් නිදහස් වෙන්න පුළුවන්. ඒ වගේම සිංහල, දෙමළ අපේ හිත්වල තියෙන තුවාල වලටත් යම් සුවයක් දැනෙයි.හැබැයි මේක කුමන්ත්‍රණයක් නෙමෙයි. මේක පිහිටවපු දාට ජේවීපිකාරයට, යු.එන්.පී කාරයට, ශ්‍රී ලංකා කාරයට, සිංහලයට, දෙමලට තමන්ගේ දුක කියන්න පුළුවන් වෙයි. එදාට සහනයකුත් ලැබෙයි. අපේ දුක් අපි නිවාගන්න අපි නැතුව පිටින් එනකල් ඉන්න අවශ්‍ය නෑ. මේ කාර්යාලයේ සම්පූර්ණ ක්‍රියාදාමය දේශිය යාන්ත්‍රණයකට අනුව තියෙන්නේ දඬුවම් දීමක් මේ කාර්යාලයට කරන්න බෑ. මේකෙන් කරන්නේ තොරතුරු එක්රැස් කිරීම පමණයි.



කොහොම උණත් මේක මහා බිල්ලෙක් වගේ පෙන්නන්න හදන මහින්දගෙනුත්, විමල්ගෙනුත්, ගම්මන්පිලගෙනුත්, දිනේෂ්ගෙනුත්, වාසුගෙනුත් අහන්න තියෙන්නේ "එහෙමද ආස?" කියාය.


13819281_10206942332265253_931736164_n 14055699_10206942331345230_1610274826_n

1 comment: