Breaking News

වවන්න ලෙහෙසි පහසු කරවිල

Image result for karavila
නැවුම් එළවළු හා පලතුරු ආහාරයට ගැනීමට ඇති හොඳම මග තමන්ගේ ගෙවත්තේම වගා කර ගැනීමයි. මෙය පෝෂණය සඳහා පමණක් නොවේ මිල මුදල් ඉතිරි කර ගැනීමත් වැවීමෙන් සිදුවෙයි. ඉන් ලැබිය හැකි දැඩි ආත්ම තෘප්තිය අපමණයි. විවිධ වර්ග වල එළවළු හා පලතුරු ගෙවත්තේ වවාගෙන ආහාරයට ගත හැකි නම් ඔබටත් මේ ආත්ම තෘප්තිය, හා සතුට අත් විඳින්නට ඉඩකඩ සැලසේ. කරවිල වැලක් ගෙවත්තේ වගා කරන්නේ කොහොමද කියලා අපි දැන් විමසා බලමු. සාමාන්‍යයෙන් කරවිල වර්ග සතරක් පමණ අප රටේ වගා කෙරෙනවා.සුදු කරවිල, කළු කරවිල, මැලේෂීයන් කරවිල මේ අතරින් වඩාත් ජනපි‍්‍රයයි. එම් .සී 43 නම් ප‍්‍රභේදයට අයත් සුදු කරවිල වගා කිරීමට වඩාත් පහසුයි. කුඩා ගවත්තක වුවත් මේ කරවිල වර්ගය වවාගන්නට පුළුවන්. කරවිල වැල්කිපයක් ගෙවත්තේ වගා කර ගැනීමේදී හොඳින් පැසී ඉදුණු කරවිල ඇට – ලබාගන්න. ඒවා නිවුණු අළු සමඟ එකතු කර හොඳ වාතාශ‍්‍රයක් ලැබෙන තැනක අතුරා තබා මද අව්රශ්මියේ වේලාගත යුතුයි.
හොදින් කොටා සකසාගත් බිම කොළරොඩු පුළුස්සා ගැනීමෙන් වලාවට වඩාත් උචිත පසක් ඇති කර ගත හැකියි. අඩි පහක් හෝ හයක පරතරයක් සිටින සෙ කොටාගත් වලවල් වල කරවිල ඇට 4 බැගින් පැළකරන්න. දිනපතා උදේ හවස වතුර දැමීමත් හොඳින් කොටා සකසාගත් බිම කොළ රොඬු පුළුස්සා ගැනීමෙන් වගාවට වඩාත් උචිත පසක් ඇති කර ගත හැකියි.අඩි පහක් හෝ හයක පරතරයක් සිටින සේ කොටාගත් වලවල් වල කරවිල ඇට 4 බැගින්් පැළකරන්න. දිනපතා උදේ හවස වතුර දැමීමත් පැළ සැදුණු පසුව සෙවණ කිරීමත් අවශ්‍යයි. ගෙවත්තේ කරවිල වැල් කීපයක් වවාගැනීමේදී ගොම පොහොර හෝ කොම්පොස්ට් පොහොර හෝ පමණක් භාවිතා කිරීම සැහේ. ඇට සිටූ වීමේදී වලවල් පොහොර කරගත් පසුව මාසයකට වතාවක් පමණ පොහොර ටිකක් දැමීම ප‍්‍රමාණවත්ය. කරවිල පැළය ඉක්මණින් වැල් දුවන නිසා මැස්සක් ගසා ගැනීම හෝ ශක්තිමත් ඉපළක් සිටූවා ගැනීම ද කළයුතු වෙයි.
වැඩි අස්වැන්නට ගැළපෙන පරිදි හතරැස් මැස්සන් ගසා ගැනීම කරවිල වගාවට වඩාත් සුදුසුයි. නිසියාකාරව නඩත්තු කළ කරවිල වැලනික් මාස අටකදී පළදාව නෙලාගත හැකියි. කරවිල වගාවද විවිධ රෝගාබාධ වලට ලක්වන වගාවක් වන නිසා ඒ ගැන දැනුවත් වීමද ඔබගේ උත්සාහය අපතේ නොයෑමට හේතු වේවි. කොළ පුල්ලි හා හිටි මැරිමේ රෝගය, මුල් අවදියේ දී කරවිල වැලට ඇතිවන රෝගයි. කරල් පළගත් පසුව ද කරල් විදින පණුවන් ගෙන් බේරා ගැනීම සඳහා වෙළෙඳ රසායනික දියරයක් වතුර හා මිශ‍්‍රකොට ඉසිමෙන්ද සාර්ථක අස්වැන්නක් ලබා ගන්නට පුළුවන්. දැන් දැන් කරවිල වඩාත් ජනපි‍්‍රය ආහාරයක් බවට පත් වී ඇත.ඒ ලේ වල සීනි සාන්ද්‍රණය අඩුකර ගැනීම සඳහා කරවිල ආහාරයට ගැනීමට වෛද්‍ය උපදෙස් ලැබෙන බැවින්ය.දියවැඩියා රෝගින්ටත් ලේ අපිරිසුදු වීමෙන් රෝගී වූවන්ටත් කරවිල හොඳ ආහාරයකි. කුඩා කල සිට කරවිල ආහාරයට ගත් අයට හැර අන් අයට කරවිල ආහාරයට ගැනීමට හුරුවීම තරමක් අපහසුය. ඉතා සිහින්ව පෙති ගැසු කරවිල බැද සලාදයක් වශයෙන් පිළියෙළ කර ගැනීමෙන් ඒවා ආහාරයට ගැනීමට පුරුදු විය හැකියි.කරවිල ව්‍යාංජනයක් ලෙසින් ආහාරයට ගැනීමට මැලිකමක්දක්වන අයට අමුකරවිල සිහින්ව කපා රතු ළුණු, අමු මිරිස්, උම්බලකඩ, පොල්, දෙහි ඇඹුල්, දිය ලුණු ආදිය යොදා සාදාගන්නා කරවිල සම්බෝලයට ඉක්මනින් හුරුවිය හැකියි. ඖෂධීය ගුණයෙන් ඉහළ කරවිල වැලක් හෝ පැල කීපයක් ඔබගේ ගෙවත්තේ වගා කර ගැනීමට ඔබටත් හැකියාවක් තිබුණහොත් අඩු තරමින් රෝගියකු බලන්නට ගෙදරකට යනවිට හෝ කරල් කීපයක් කඩා අරගෙන යන්නට ඔබටත් පුළුවන්.

No comments