Breaking News

ලැන්ටියාගේ චින්තනය 17

මහින්ද කිසිදා නොයෙන මඟ !


ඔන්න මෙන්න තිබූ පොහොට්ටුව දැන් එළියට ඇවිත්ය. පක්ෂයේ සභාපති ජී.එල් ය. එහෙත් පේන්න ඉන්නේ බැසිල්ය. ඇහුවොත් කියන්නේ මට තවමත් තනතුරක් නෑ කියාය. ඒත් බැහැලා වැඩය. කතා කලොත් දකුණේ සිංහයෝ රාජපක්ෂලාය. එහෙත් වැඩ කරන්නේ රෙද්ද අස්සේ හැංඟිලාය. අලුත් පක්ෂයක් හදවනද, නායකයා ඔයාද කියලා ඇහුවොත් මහින්ද කොටහලු වූ කෙල්ල මෙන් ඇඹරෙන්නේය. කෙලින් කියන්නට තරම් මහින්දගේ කොන්ද කෙලින් වෙන්නේ නැත. ඒ දකුණේ සිංහයන්ගේ හැටි වෙන්නට ඇතැයි අපිට සිතෙන්නේය.


 

කෙසේ වෙතත් එලෙස ඇඹරෙන මහින්ද රෑට හොරාට බැසිල්ව හමුවන්නේ පක්ෂයේ වැඩ කටයුතු දැන ගැනීම සඳහාය. එසේ අසා රටේම ඉන්න ප්‍රාදේශීය හංචි පංචියෝ පක්ෂයට බඳවා ගන්නේ ආණ්ඩුවට වැඩේ දෙන්නය. කෙසේ වෙතත් කියන්නට ඇත්තේ මේ හංචි පංචියන් සැබෑ ශ්‍රී ලංකා කාරයින් නොවන බවය. ගොඩක් උන් යූඇන්පීයෙන් සල්ලි වලට පැන්න උන්ය. ඒ එදා බැසිල්ගේ ලන්සු වලටය. උදාහරණයක් ලෙස ගම්පහ නගරාධිපතියත්, ගල්කිස්ස නගරාධිපතියත් මේ ලංසුවේ උඩින්ම සිටි ඩෑල් දෙකකි. එසේ පැනගත් උන් අවසානයේ ගහන්න හැකි හැමතැනින්ම සල්ලි ගැහුවේය. ඒ බව උන්ගේ ගෙවල් බැලුවොතින් තේරෙන්නේය..


 

කෙසේ වෙතත් මෙවැනි තක්කඩින් පක්ෂයට එකතු කරගනිමින් මේ හදන්නට යන්නේ රටද? කොහෙත්ම නැත. මේ හදන්නට යන්නේ බඩ මිස වෙන කිසිවක් නොවේය. මහින්දගේ සිට පහලට තෙක් බඩත් බලයත් ගැන හිතන මොහොතක කිනම් රටක් දැයි අපට අහන්නට ඇත. කෙසේ වෙතත් මහින්ද හීන දකින්නේ අගමැති වෙන්නටය. ගෝඨාත්, බැසිලුත් හීන දකින්නේ රජ වෙන්නටය. ඒ නිසා බැසිල් කාටත් වැඩියෙන් පක්ෂයට දහඩිය හෙළන්නේ ඒ නිසාය. දැන් බැසිල්ට ඕනේ හොඳ මිනිහා වන්නටය. කෙසේ වෙතත් අවසානය නම් බැසිල් මහින්දටත් කෙළවීමය.


 

එහෙත් මේ විකාර වැඩේට සැබෑ ශ්‍රී ලංකා කාරයින් පැත්ත පලාතේ නැත. වෙල්ගම, රංජිත් සොයිසා, මහින්දානන්ද, ඩලස්, වැනි ශ්‍රිලනිප ප්‍රබලයින් පැත්ත පලාතේ නැත. හේතුව නම් මේ යටි මඩි ගේමේ රහස දන්නා නිසාය. ඒ නිසා පැසව පැසව සිටිනා මේ තුවාලයෙන් ඕජස් ගලන්නට වැඩි ඈතක නැත. මහින්ද විසින් කරන්නට උත්සහ ගන්නේ සියලු ශ්‍රී ලංකාකාරයින් අලුත් පක්ෂයට එකතු කිරීමටය. එහෙත් ඔහු අලුත් පක්ෂයට එකතුවන්නේ නැත. ඔහු කිසිම විටක අලුත් පක්ෂයේ නායකයා වන්නේද නැත. මහින්ද බණ්ඩාරනායක,මෛත්‍රී නාමයන් අතරින් ඉවත්ව වන්නට කොහෙත්ම කැමැත්තක් නැත. ඒ බව ඉතිහාසයේ පටන්ම ඇත. 


මහින්දට චන්ද්‍රිකා කාලයේ පටන් කැපිල්ල තිබුණේය. මේ කැපිල්ල නිසා ප්‍රථමයෙන්  චන්ද්‍රිකාගේ මල්ලි වන අනුර පක්ෂය අත හැරදා ගියේය. එදා අනුර ඉවත්ව යන විට මහින්දටද යෑමට කතා කලත් මහින්ද හෙළ වුණේ නැත. ඊට පසු එස්බී ලා ගියෝය. එහෙත් මහින්ද හෙළවුණේ නැත. මහින්ද යන උන්ට පාර කැපුවා විනා මහින්ද ඒ පාරේ ගියේ නැත. ඒ මහින්දගේ කපටිකම නිසාය. වර්තමානයේද වන්නේ එහිම දිගුවකි. මහින්ද හිතවාදී උන් අලුත් පක්ෂයට බඳවා අතපීදා ගැනීමය. ඊට පසු මහින්ද ශ්‍රිලනිපයේ නායකයා වී අලුත් පක්ෂයත් සමඟ ගිවිසුම් ගත වීම මේ ගේම් එකේ එක් කොටසක්ය. ඒ නිසා මහින්ද මේ හදන්නේ ශ්‍රිලනිප ය පරාද කරන්නටය. එසේ පරාද කොට මෛත්‍රීගෙන් පක්ෂය ලබාගන්නටය. ඒ අනුව මේ කතාවේ අවසානය රාජපක්ෂලා රජවීමය. ඒ නිසා මහින්ද නොයෙන එකම මග පොදු ජන පක්ෂය බව අමතුවෙන් කිව යුතු නැත. 


එනිසා පනින උන්ට කියන්න ඇත්තේ එක් දෙයකි. මහින්දගේ වයසත් සමඟ සියලු කෙලි කළ හැක්කේ උපරිම වසර නවයකි. එවිට මහින්දගේ වයස අසූවකි. එතැනින් පසු මහින්ද  පැන්සන්ය. එනිසා වසර නවයකට ජීවිතය විනාශ නොකර ඉදිරි අනාගතය ගැන සිතන ලෙස කියාය.

1 comment:

  1. Wham bam thank you, ma'am, my qunistoes are answered!

    ReplyDelete