Breaking News

ආමීර් කාන් ගේ සුපිරි වෙනස…. ඔබ නොදන්නා සම්පූර්ණ කතාව මෙතනින්!

Image result for aamir khan body
බොලිවුඩයේ ජනප්‍රිය නලු ආමීර් කාන් කා අතරත් කතා බහට ලක්වන්නේ ඔහුගේ වෘත්තිමය කැපකිරීම් පිලිබදවයි. මේ දින වල නැවතත් ඔහුගේ නම ඉතා වේගයෙන් අන්තර්ජාලය පුරා පැතිර යනවා. එයට හේතුව ඔබ වෙත ගෙන ඒමට අපි තීරණය කලා.
ආමිර් කාන් ගේ නවතම චිත්‍රපටිය වන ‘දන්ගල්’ තිරගත වීමට නියමිතයි. එහි ආමිර් කාන් ද්විත්ව චරිත රගපානවා. එකක් මහලු තරබාරු මිනිසෙක් ගේ චරිතයක් සහ තරුණ කඩවසම් චරිතයක්.
චිත්‍රපටියේ අධ්‍යක්ෂවරයා ආමිර් කාන්ට කියා ඇත්තේ මුලින් කඩවසම් චරිතය රගපා දෙවනුවට මහලු චරිතයට පන පොවන ලෙසටයි. මන්ද යත් ආමිර් කාන් පවසා ඇත්තේ තරබරු චරිතයට ඔහුට ඇත්තටම තරබාරු විය යුතු බවයි. නැතිනම් ඔහුට එම චරිතය හදවතට දැනෙන ලෙස කිරීමට අපහසු බවයි. නමුත් ආමිර් කාන් පවසා ඇත්තේ ඔහු පලමුව තරබාරු චරිතය රගපා ඉන් පසු කඩවසම් චරිතයට පන පොවන බවයි. එයට හේතුව ලෙස ඔහු පවසන්නේ අවසානයේ තරබාරු වුනොත් ඔහුට නැවත කෙට්ටු වීමට හේතුවක් නැති නිස ඔහු එම ස්වරූපයෙන් ම දිගටම සිටිය හැකි බවයි. සීමාවක් නොමැතිව ආහාර පාන ගත් ආමිර් කාන් කිලො 100 කටත් වඩා තරබාරු වුනු හැටි ඔබට මෙම වීඩියොවෙන් නැරබිය හැකියි. තරබාරු චරිතයේ රූපගත කිරීම් අවසන් කල වහාම ආමිර් කාන් තම දෙවන චරිතයට තම ශරීරය සකසා ගැනීමට පටන් ගත්තා. එය කිසිසේත්ම ලේසි දෙයක් වුනේ නෑ. ඔහු ඒ සදහා මහත් කැපකිරීමක් සිදු කරන අයුරු ඔබට නැරබිය හැකියි. අවසානයේදි ඔහු මස 5ක් වැනි කෙටි කාලයකදී නැවතත් තමාගේ පරණ කඩවසම් ශරීරය ලබා ගත්තා.
මෙය අපි කාටත් ඉතාමත් හොද පාඩමක්! මේ ලෝකයේ බෑ කියල දෙයක් නෑ. බෑ කියන්නේ අපේ හිතයි. ඔබ තරබාරු නම් එය සදාකල් ඔබට ලැබුනු දඩුවමක් යැයි සිතන්න එපා!එය වෙනස් කිරීමට ඔබට පුලුවන්! ඔබ කල යුත්තේ ‘මට පුලුවන්’ කියා අදිටන් කරගෙන ‘අද සිට පටන් ගැනීමයි’


1 comment: