Breaking News

ස්වයංක්‍රීය මෝටර් රථ වෙළඳපොළට ඇපල් සමාගම පැමිණෙයි.

Image result for apple car

නූතන තාක්ෂණික ලෝකයේ තරඟකාරී සමාගමක් වන අැපල් සමාගම මේ දිනවල තරඟකාරී නිර්මාණක් ලොවට හඳුන්වාදීමට සැරසෙනවා.


ඔබට මතක අැති පසුගිය වසරේ මැයි මාසයේ ගූගල් සමාගමත් ස්වයංක්‍රීය මෝටර් රථයක් (Self-Driving Car) හඳුන්වා දුන්නා. එම රථය ගැන දැනගැනීමට මෙතනින් අලුත් ලිපිය බලන්න. අැපල් සමාගමද ගූගල් සමාගමේ මෙම සංකල්පය අනුගමනය කරමින් ස්වයංක්‍රීය මෝටර් රථයක් නිර්මාණය කිරීම සඳහා සැලසුම් සකස් කරමින් සිටින බවට කලක් තිස්සේ විදේශ මධ්‍ය වලින් වාර්තා වූ නමුත් අැපල් සමාගම ඒ බව ප්‍රසිද්ධියේ පිළිගෙන නොතිබිණි.

නමුත් මේ වෙද්දි අැපල් සමාගම අැමෙරිකානු ප්‍රවාහන නියාමක බලධාරීන් වෙත ලිපියක් යොමු කරමින් අැපල් සමාගම "ප්‍රවාහනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ස්වයංක්‍රීය පද්ධති වැඩිදියුණු කිරීමට ඇති අවස්ථාව සම්බන්ධයෙන් සතුටු වන බව" පවසා තිබේ. මේ බව අැපල් සමාගම ලිපියක් මගින් මෙසේ දැනුවත් කරනු ලැබූවා. එම ලිපිය මෙතනින් බලන්න. CNBC මාධ්‍ය මගින් ඇපල් සමාගමේ මෙම ආයෝජනය ගැන හෙළිකල වීඩියෝව.

තවමත් මෙම රථයේ විශේෂාංග නිල ලෙස නිකුත් කර නැති අතර විස්තර ඉදිරිපත් කළ සැනින් විස්තරාත්මක අලුත් ලිපියකින් ඔබව අප විසින් දැනුවත් කරන්නෙමු.

No comments