Breaking News

ලංකාවේ කෙල්ලෙක් පිටරට සැප බුකියෙන් හොයන්න ගිහින් නයිජීරියානුවෙක්ගෙන් කයි

girl

මුහුණු පොතෙන් මිතුරු වී ගම්පහ ප්‍රදේශයේ කාන්තාවකගෙන් රුපියල් අට ලක්ෂ හැටපන්දහසක මුදලක් ලබාගෙන වංචා කිරීමේ චෝදනාවට අධිකරණයට ඉදිරිපත් කෙරුණු නයිජීරියානු ජාතික තරුණයකු ලබන 20 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ මහතා නියම කළේය.
සැකකාර නයිජීරියානුවා සිදුකළ වංචාවක් සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ගම්පහ කොට්ඨාස වංචා විමර්ශන අංශය කොටුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් මත සැකකරු ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව අධිකරණයේදී සඳහන් විය.
ගම්පහ ඩික්මන් පාරේ පදිංචි 29 හැවිරිදි විවාහක කාන්තාවගේ සැමියා විදේශ ගතව රැකියාවක නිරත බවත් සැකකාර නයිජීරියානුවා ෆේස්බුක් මඟින් පැමිණිලිකාරියව හඳුනාගෙන පැමිණිලිකාරියට නයිජීරියානු රටෙන් තෑග්ගක් ලැබී ඇති බවත් එම තෑග්ගේ අඩංගු රත්රන් සඳහා බදු ගෙවීමට අවශ්‍ය යැයි පවසා විටින් විට ලංකාවේ බැංකු දෙකකට මෙසේ මුදල් බැර කරගෙන ඇති බවට පොලිසිය නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
ගම්පහ කොට්ඨාස වංචා විමර්ශන අංශයේ සැරයන් චන්දන (25410) සහ කොස්තාපල් ගුණසේකර (66319) යන නිලධාරීන් පැමිණිල්ල මෙහෙයවමින් පැමිණිලිකාරිය මුදල් තැන්පත් කළ බැංකුවල ගිණුම් විස්තර ලබා ගැනීමට එම බැංකු කළමනාකරුවන්ට නියෝගයක් ලබා දෙන ලෙසත් සැකකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පොලිසියට අවසර ලබා දෙන ලෙසත් මහර බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් ලබා දෙන්නැයි අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. එම ඉල්ලීම් දෙකට අවසර ලබාදුන් මහෙස්ත්‍රාත්වරයා සැකකරුගෙන් සිංහල භාෂාව තේරෙනවා දැයි ප්‍රශ්න කර සිටියදී සැකකරු ඊට කිසිදු පිළිතුරක් ලබා නොදුන් අතර නඩුව විභාගයේදී භාෂා පරිවර්තකයකු නොමැති වුවහෙත් ගැටලු උදාවිය හැකි බව මහෙස්ත්‍රාත්වරයා පොලිස් නිලධාරීන් අමතා විවෘත අධිකරණයේදී පැවැසීය.
සැකකරුට කිසිදු නීතිඥ සහායක් නොතිබූ අතර සැකකරු මුහුණු පොතෙන් මිතුරු වී ලංකාවේ පදිංචිව සිටිමින් කාන්තාවන් රැසක් සමඟ මිතුරු වී මුදල් වංචා රැසක් සිදුකර ඇති බවද අධිකරණයේදී සඳහන් විය.

No comments