ලැන්ටියාගේ චින්තනය 01
ගොඩක් අය කියන්නේ යහපාලන රජය හොඳ නෑ කියලා. මේක කිසි ගතියක් නෑ කියලත් කියනවා. සමහර අයට දිරවන්නේ නෑ. ඇත්තටම එහෙමද? නැත්තන් මෙහෙම කියන්නේ නිකන්ද?
ඔව්, මේ ආණ්ඩුව හොඳ නෑ කියන හැමදෙනාම සාදාරණයි. අපි ඉස්සෙල්ලම බලන්න ඕන කවුද මේ රජය හොඳ නෑ කියන්නේ කියලා.
ඉස්සෙල්ලම හොඳ නෑ කියන්නේ මහින්දට සම්බන්ධ වී සිටින පාර්ලිමේන්තු, පළාත් සභා, ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු. ඊට පස්සේ දොස් කියන්නේ මහින්දගෙන් යැපුණ සිවිල් සංවිධාන, ඊටත් පස්සේ මහින්ද සහ ගෝලයන් යටතේ හැදී වැඩුණු පුද්ගලයින්.අපි ඉස්සෙල්ලම ගමු ඇයි රාජපක්ෂවරු යහපාලනය හොඳ නෑ කියන්නේ කියලා. ප්‍රධාන කාරණය තමයි රාජපක්ෂවරු තමයි ලෝක ඉතිහාසය තුළ හයෙන් පහක බහුතර බලයක් පාර්ලිමේන්තුවේ තිබියදීත්, ඒ වගේම මහරජා ලෙස රටේ හන්දියක් හන්දියක් ගාණේ කටවුට් වල, ටීවී එකේ හිට්ම වෙලා තියෙද්දි පැරදිච්ච(දේශපාලනමය වශයෙන්) එකම නායකයා. මොහුට තියෙන ප්‍රධානම අවුල තමයි මොහු විසින් ගොඩ නගා ගත් අපිරිමිත බලය. ඒ කියන්නේ තුන්වතාවක් රජ කරන්න තිබ්බ බලය ප්‍රයෝජනයට ගන්න නොහැකි වීම.
ඒ විතරක්ද තමන්ගෙම පක්ෂයේ ලේකම්ට පැරදුණ, ඒ වගේම බලය අපිරිමිතව තියෙද්දි පැරදිච්ච, ලෝකේ එකම මිනිහත් මහින්ද. ඉතිං එහෙම අන්ත පරාජයක් තියෙද්දි මහින්දට මේ ආණ්ඩුව නරක වන්නේ නැද්ද? ඔහු පෘතග්ජනයෙක් නිසා, ඒ වගේම ඒකාධිපති බල කෑදරයකු නිසාත් ඔහුට මේ ආණ්ඩුව සමග ඇරියස් එකක් නැද්ද?
මහින්ද පැත්තකින් තියමු, නාමල්, යෝෂිත, ච්චී වගේ අයට මේ ආණ්ඩුව හොඳ නැත්තේ ඇයි කියලා බලමු. එකක් තමයි මේ රටේ ඉහලින්ම වැජඹුණ ක්‍රිඩාව තමයි ක්‍රිකට්. නමුත් රජාගේ දරුවෝ ගැහුවේ රගර්. ඒ නිසා රටේ උන් ඔක්කොටම බලෙන් හරි රගර් ගහන්නත්, බලන්නත් සිද්ධ වුණා. ඒ විතරක් නෙමෙයි නාමල්ලා රගර් ගහනකොට අනිත් උන් උන්ගේ ඉස්සරහා පදිරි වෙන්නත් ඕන. එහෙම නොවුනොත් කෝච්ට පවා ගහනවා. ඒ නිසා නාමල් දිනන්නම ඕන. මේකෙන් එන වාසිය සුළු පටුද?බලෙන් ස්පොන්සර්ස්ලා එනවා(උදාහරණ ක්‍රිස් සමාගම). එයාගේ චැනල් එකට ඇඩ් එනවා. ඉතිං ඒ ටිකම මදිද? රගර් පැත්තකින් තියමුකෝ. එයාලට කාර් රේස් පදින්න දැන් පුළුවන්ද? කාලයක් රටේ ආරක්ෂාවට කියලා ගාලුපාර ගාලු මුවදොරෙනුත්, කොල්ලුපිටිය හන්දියෙනුත් වැහුවා. ඒත් ඇත්තටම ඒ වැහුවේ ආරක්ෂාවටද නෑ. නාමල්ලා, යෝශිතලා, චිචිලා කාර් පැද්දේ ඒ වෙලාවේ. හැබැයි කවුරුත් දැනන් හිටියද නෑ.
යුද්ධය නැවැත්තුවා, කොටියා විනාශ කළා. ඒ ගෞරවය මහින්දට යන්න ඕන. එහෙමෙ ඉවර කළාම පාර වහන්න බෑනේ පුතාලා වෙනුවෙන්. අන්තිමට අම්මලා පුතාලා එකතුවෙලා කාර් රේස් තිබ්බා. කොළඹ විතරක් නෙමෙයි දළදා මාලිගාව වටෙත් තිබ්බනේ. ඔක්කොම පෙන්නුවේ ටිකට් වලට මේ ආදායම කොහෙටද? කොහෙටවත් නෙමෙයි ගියේ සී.එස්.එන් නාළිකාවට. එතකොට දවල් වගේ එළිය වැටෙන්න ලයිට් ගහපුවයේ බිල් ගෙව්වේ අපි. ඉතිං මේවා නැති උණාම යහපාලන ආණ්ඩුව හරි නෑ නේද?
එතකොට මල්ලි බැසිල්. එයා මොනවද කලේ? එයා කලේ නිල කප්පම් ගැනීම්. වැඩක් කාට හරි දෙන්නේ කොමිස් එකකට, වැඩක් බාර ගන්නේ කොමිස් එකට එහෙම නැතුව එයා අත ගහන්නේ නෑ. හැබැයි බැසිල්ට නැව ගිලුනත් බෑන් චුන්. මොකද බැසිල් ඉන්නේ ආදායම් එන මාර්ගයක. ඒ නිසා බැසිල්ට ප්‍රශ්නයක් නෑ. හැබැයි බැසිල් හොරා, හොරා කෑවේ අපේ සල්ලි.
ඔහොම ගත්තම පාර්ලිමේන්තුවේ මහින්ද හිතවාදී මන්ත්‍රිවරුන්ට කොහොම පාඩුවක්ද වෙන්නේ? ජොනී, රෝහිත, මහින්දානන්ද, විමල, ගම්මන්පිල, සරණ, වගේ අය ඇයි දඟලන්නේ මහින්ද ගේන්න ඕන කියලා. කාපු කෑම හැටියට දැන් දිරව දිරව බඩ හිස් වෙනවා. මේ නිසා බඩ හිස් වෙන්න කලින් ආයි පුරව ගන්න ඕන. හැබැයි මෛත්රිගාව පරණ කෙළි බෑ. මොකද මෛත්‍රි දන්නේ නෑ හොරාකන්න, හොරා කන්න දන්නේ මහින්ද. ඒ නිසා මහින්ද අනිවාර්යයෙන් ගේන්න ඕන. එහෙම උනොත් තමයි ගොඩ යන්න පුළුවන්. ඒකනේ මේ කට්ටිය මහනුවර ඉඳන් කොළඹ එන්නේ. ඒකනේ මේ අයට යහපාලන රජය හරි නැත්තේ.
දැන් බලමු සිවිල් සංවිධාන වලට ඇයි මේ ආණ්ඩුව හොඳ නැත්තේ කියලා. කවුද සංවිධාන. යල් පැනගිය තවම අගක් මුලක් හොයා ගන්න බැරි නලින්ද සිල්වලා, ගුණදාස අමරසේකරලා, ගෙවිඳු කුමාරතුංගලා, සරත් එන් සිල්වලා, බෙංගමුවේ නාලකලා තමයි සිවිල් සංවිධාන. ඔය අතරින් ගුණදාස අමරසේකරත්, නලින්ද සිල්වත් පව්. දෙන්න වයස නිසා කොල්ලො කුරුට්ටෝ දෙන්නගෙන් පොඩි ෆන් එකක් ගන්නවා. එහෙම නැතුව එයාලට පුළුවන්ද ආණ්ඩු පෙරලන්න. කවුද ගෙවිඳු කියන්නේ? පවුල රැකගන්න බැරි මිනිහෙක්. බෙංගමුවේ නාලක මහින්ද පැරදිච්ච ගමන් මෛත්රීගාවට රිංගන්න ගිහින් ගණන් ගන්නේ නැති උණාම බනින සහ කෙබ්බ කියන කෙනෙක්. එයා සිවුරු දාගෙන බොරු කියනවා. ඇයි මේ අය කෑ ගහන්නෙ?රටට ආදරේටද? අපිට ආදරේටද? නෑනේ. මෙයාලා ආදරේ මෙයාලට. මොකද මහින්ද ආවොත් මහින්ද සලකනවා කියලා දන්නවා. යාන වාහන ඔක්කොම මහින්ද ගානෙත් කියලා දන්නවා. ඒවා දැන දැන තමයි මෙයාලා මේක හරි නෑ කියන්නේ.
මෙයාලා ගේන තර්කයක්නේ වැට් එක වැඩී කියලා. හැබැයි මහින්ද මහත්තයත් සියයට 15ක් වැට් ගත්තා. නමුත් එදා කතා කලේ නෑ. ඒ වෙනුවට කළේ මේක මාර සාදාරණයි කිව්ව එක. ඒක කියන්න සිවිල් සංවිධාන ඕනද? නෑ නේ. ඒකනේ මෛත්‍රි ළඟට ගන්නෙ නැත්තේ. මහින්ද පරදින්නේ නෑ දිනනවා කියලා ලණු දුන්න සංවිධාන මොකටද? ඕනේ නෑ නේ? එහෙම ගණන් ගත්තේ නැති උණාම තද වෙන්නේ නැද්ද? සාදාරණයි නේ.
එතකොට ඕක ගමේ මිනිහට දැනෙන්නේ වෙන විදිහකට. රටට ණය වෙලා ජනතාවගේ ඇඟට බරදාපු මුදල් වලින් හැදෙන උයන් වතු පේන්න නෑ. ලෝකෙට ණය වෙලා පාරේ ගල් අල්ලන්නේ නෑ. සෙබළු දාලා කුණු කාණු සෝදන්නේ නෑ. ඒවා පේන්නත් නෑ. මහින්ද වගේ ඇඟට දැනෙන්න දෙයක් මෛත්‍රි කරලා නැති උණාම තද වෙන්නේ නැද්ද?
අවුරුදු ගාණක් ආමි එකට,සුදු වෑන් එකට,රජයේ චන්ඩින්ට,රජයේ නාළිකා වලට බයේ ගැහි ගැහි හිටිය අපිට නිදහස දුන්නම දැනෙන්නේ නෑ.සමහර සත්තු ඉන්නවා ඔබ දැකලා ඇති කොච්චර නිදහස දුන්නත් උන් කූඩුව අස්සටම රිංඟන්න.ඇයි? ඌ හිතනවා මේක මරු අප්පා කියලා.ඒ වගේ තමයි යහපාලන රජයත් මහින්දගෙන් බැටකාපු මිනිස්සුන්ට මානසික සුවය ලබාදුන්නා.ඒක සමහර අය වැළද ගත්තා සමහර අය තවමත් එපා කියනවා.අපි අවුරුදු තිස් ගාණක බැටකාපු රටක් ,අඩියෙන් අඩිය මුරකපොලු පහුකරපු ජාතියක්.රෑට නින්දට යන්නෙත්,උදේට ඇහැරෙන්නෙත් කැමා ඇඳුම දැකලා.අපි හිතින් මිලිටරි වෙලා හිටියේ.එහෙම හැඳුනු ගොඩක් අය තවමත් ඒ ආත්ම කතනයෙන් මිදෙන්න බයයි.ඒකට හේතුව මහින්ද මේ රටම ඒ ක්‍රමයට මානසිකව හැදුව නිසා.ඒ නිසා මහින්දවාදී ජනතාව පුදුම බයක් තියෙන්නේ නිදහසට,ඔවුන් ගතිය හොයන්නේ බයිනෙත්තුවෙන්.ඒක ඔවුන්ගේ වරදක් නෙමෙයි.ඒක මේ මහින්දගේ දේශපාලනයේ වරදක්.
හිතන්න ඒ දවස් වල මිනිස්සු කී දෙනෙක් මහින්දගේ පෝස්ටර් ගෙදර බිත්තියේ ගහහෙන හිටියද?කී දෙනෙක් ඇඟේ පච්ච කෙටුවද?කී දෙනෙක් ටී ෂර්ට් ඇන්දද?ඇයි ඒ.අර ඉහත කිව්ව ආත්මීය බැඳිම නිසා නෙවේද?අපි ආදරය කරපු දේවල් අපිට අහිමි වෙනකොට අපිට වේදනාවක් නැද්ද?ඒ නිසා සාමාන්‍ය ජනතාව කෑ ගහන්නේ හිතේ වේදනාවට වගේම සිස්ටම් එකේ වෙනස්වීමට.මොකද මහින්දගේ පැරදීම මේ විසිඑක්වන සියවසේ විස්මය ගෙන දෙන සිද්දියක්.
දැන් බලමු මාධ්‍ය ආයතන ඇයි මේ ආණ්ඩුව නරකයි කියන්නේ කියලා.පුවත් පත් ගත්තහම දිවයින,රිවිර, කෑ ගහන්නේ ඔවුන්ට ආයෝජනය කරන්න සම්පත් දායකයෝ නැති නිසා.දැන් මේ ආයතන දැඩ් මුල්‍ය අර්බුදයකට මූණපාලා තියෙන්නේ.දිවයිනේ වෙල්ගමට රස්සාවක් නෑ.ටෙලිකොම් එකේ සභාපතිවෙලා ඉන්න කාලේ කාපු කෑම දැන් කන්න බෑ.එතකොට රිවිර රිවිරට සල්ලි දාපු අය පත්තරේ අත ඇරලා ගිහිල්ලා දැන් පාඩුව කාටද?මව්බිම ගන්න.එයාලා ඇයි ආණ්ඩුවට ගහන්නේ?එක තමයි ටිරාන් එල්.ටී.ටී.ඊ කාරයෙක්.මහින්ද 2005දිනවන්න බැසිල් එක්ක සල්ලි දුන්නේ ටිරාන්,ඒ වගේම බැංකු ණය අරගෙන දුන්නෙත් ටිරාන්.මේවා හෙළිවෙලා ඒ නිසා ආණ්ඩුවට ගහනවා ඔක්කොම අකුළ ගන්නකල්.ගහලා දිනන්න තමයි මේ අය හදන්නේ.එතකොට යහපාලනය නරකයි නේද මේ අයට?ඊළඟ හිරු සහ දෙරණ.හිරු දුමින්දගේ අයියගේ.මල්ලිගේ බෙල්ලේ භාරත ඝාතන ලණුව.ඒකෙන් බේරෙන්න ගහන්න ඕන ආණ්ඩුවට .
ඒක නවත්වන්නේ මල්ලිව බේරුවොත්,එතකොට දෙරණ.ඔය කෑ ගහන චතුර අල්වස්ලා,අයිකාර දිලිප් ජයවීරලා හිටියේ කොහේද?උදේ 6.30වෙනකොට මහින්දගේ ඳං කුඩ කන්න යනවා.කාලා හිනාවෙලා එනවා.දවල්ට දිලිප්ගේ ඇඩ්වර්ටයිසින් ෆර්ම් එකට ආණ්ඩුවේ ඇඩ් හදන්න එනවා.දැන් මේවා නෑ.එතකොට මේ ආණ්ඩුව නරක නැද්ද?යහපාලනය හරි නෑ නේද?කිසි ගතියක් නෑ නේද?හැබැයි මහින්දට විරුද්ධ වෙච්ච ගොඩක් අයට ගුටිවගේම මැරුම් කන්නත් උණා.ඒකද හොඳ?එතකොට චතුරලා,රංඟනලා හිටියේ කොහේද?විමල් කිව්වා වගේ ලොවෙත් නෑ,ලොවි ගහෙත් නෑ,ගහ මුලත් නෑ,දෙල්කඳ පොලෙත් නෑ කියලා..
එතකොට යහපාලනය හොඳ වෙන්නේ කොහොමද?මේ අය හොරාකාපුවා අත ඇරලා දාලා.මහින්දට වෙනම උසස් තැනක් දීලා,බැසිල් ඇතුළු හොර ඇමතිවරු ආණ්ඩුවට අරගෙන ඒ අයට තනතුරු දුන්නොත් හොඳයි කියලනේ මේ අය කියන්නේ.
දැන් මේක කියවපු කෙනෙක්ට කියන්න පුළුවන් ඔයා ඔය ආණ්ඩුව යහපාලනය රකිනවද කියලා.අරයා හොරා කෑවා,මෙයා හොරා කෑවා කියලා ඔබට කියන්න පුළුවන්.ඔව් අපි ඔබ කියන දෙයට ඇහුම්කන් දෙනවා,මර්දනයක් නෑ.ඕන දෙයක්,ඕන වැරැද්දක් පෙන්නන්න අපි ඒ ගැන හොයලා බලනවා.අපි ඔබට ආණ්ඩුක්‍රම ව්‍යවස්තවේ තුන්වන පරිච්ඡේදයේ 10වන වගන්තිය බුක්ති විඳින්න අයිතිය දීලා තියෙනවා.ඉසර වගේ උස්සන්නේ නෑ,බය කරන්නේ නෑ,ගහන්නේ නෑ.ඒකයි යහපාලනය කියන්නේ.ඒ වගේම සියලුම ස්වාධීන කොමිෂන් සභා පිහිටෙව්වා.දැන් දේශපාලන වැඩ බෑ.අන්න ඒකයි යහපාලනය කියන්නේ.හොඳම උදාහරණය තමයි වැට් බද්ද අත් හිටවලා දුන්න ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව.ඒත් මතකද දිවි නැගුමට තීන්දුවක් දීලා වෙච්චි දෙය.අගවිනිසුරුවරිය වන ශිරාණි බණ්ඩාරනායක දේශපාලනයෙන් ඉවත් කළා.ඒත් මේ ආණ්ඩුව අධිකරණ තීන්දුවට ගරු කළා.අන්න ඒකයි යහපාලනය.ඕක හරි නැද්ද ඔබට.ඒක දිරවන්නේ නැද්ද?එහෙනම් ඔබ සැබෑ රටට ආදරය කරණ මිනිහෙක් නෙමෙයි.හිතලා බලන්න
මට හිතනහැටි
මම
සූටිං
No comments