Breaking News

ලැන්ටියාගේ චින්තනය 07

ශ්‍රී ලංකාකාරයා සහ රාජපක්ෂ මාරයා


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර 65 වන සංවත්සරය සමරන්නේ එළියට නොපෙනෙන විශාල අභියෝග ගොඩක් මධ්‍යයේය. මේ වනවිටත් මෛත්‍රී පාර්ශවය සහ මහින්ද පාර්ශවය ලෙස ශ්‍රිලනිප ය දෙකට මැද්දෙන් ඉරිතලා ඇති නිසා ඇතැම් පාක්ෂිකයන් ජීවිත බේරාගැනීමට පනින්නේ කොහේටදැයි දවල් රෑ නොනිදා කල්පනා කරනු ඇත. පිරිසක් සැබෑ ශ්‍රිලනිප ය මෛත්‍රී ගාව තියෙන්නේ යැයි කියති. තව පිරිසක් සැබෑ ශ්‍රිලනිප ය මහින්ද සමීපයේ ඇතැයි කියති. එහෙත් සැබෑ ශ්‍රිලනිප ය තිබෙන්නේ කොහිද? එය හැමෝටම ප්‍රශ්නයක් වී ඇත.


1951 සැප්තැම්බර් 02 වනදා බණ්ඩාරණායක මහතා ඇතලු පිරිස විසින් ශ්‍රිලනිප ය ආරම්භ කරන්නේ එවකට පැවති ධනවාදී එජාපයට විරුද්ධවය. පසුගිය මහින්දගේ රජය තුළ ශ්‍රිපනිප ය පිහුටුවීම සඳහා බණ්ඩාරණායක මහතා සමඟ ඩී.ඒ. රාජපක්ෂද සිටි බවට කීවත් ඉතිහාසයේ පක්ෂය පිහිටුවීම තුළ රාජපක්ෂලාට භූමිකාවක් තිබී නැත. ඒ නිසා එය මවාපෑමක් මිස යථාර්ථය නොවන බවද මේ කතාව ආරම්භයේදී කිව යුතුය. පක්ෂය ආරම්භයට මූලික අඩිතාලම බණ්ඩාරණායක මහතා ගත් අතර ඔහුත් සමඟ එකට සිට ගත්තේ බදියුදින් මහමුද්, ටී.බී ඉලංගරත්න, ශ්‍රී නිශ්ශංක, සී.පී. ද සිල්වා සහ මෛත්‍රිපාල සේනානායක යන දැවැන්තයන් ය. එහෙත් රාජපක්ෂ යුගයේ මේ කාගෙවත් නම් කියවෙන්නේ නැත. එහෙම පිරිස් හිටියාද කියාවත් මහින්දලාට මතක තිබ්බේ නැත.


කෙසේ වෙතත් එලෙස ආරම්භ කළ පක්ෂය ''සඟ - වෙද - ගුරු - ගොවි - කම්කරු'' කියන පංච මහා බලවේගය සමඟ ඉදිරියට ඇදෙන්නේ මේ සමාජය තුළ බොහෝ පෙරළි රැසක් සිදුකරමිනි. එම පෙරළි රටට කෙතරම් සාධාරණ වුණා දැයි විවිධ තර්ක විතර්ක වර්තමානය තුළ තිබුණත් එවකට එම වෙනස්කම් ජන හද දිනාගත් වටිනා තීන්දු තීරණ විය. 


බණ්ඩාරණායක මහතාගේ අභාවයෙන් පසුව පක්ෂයේ නායකත්වය ගන්නේ මැතිණිය විසිනි. මැතිණියගේ සමයේද විශාල පෙරළි රැසක් ‍රට තුළ සිදුකරන අතර එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ දැවැන්ත විදේශ සබඳතා ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරිමේ ගෞරවය ඇයට හිමිවනු ඇත. ඇයගෙන් පසුව නායකත්වය යන්නේ චන්ද්‍රිකාට ය. චන්ද්‍රිකා පක්ෂය ලබාගන්නා විට පක්ෂය තිබුණේ දැඩි අර්බුධ රැසක් මැදය. ඇය උපතින් ශ්‍රිලනිප නොවුණත් ඒ වන විට රටතුළ ඇතිව තිබූ තත්ත්වයත් සමඟ ඇගේ හිසට කඩාවැටෙන මේ නායකත්වය කියන දෙය ඈ දැනුවත්ව හෝ නොදැනුවත්ව පක්ෂයේ ජයග්‍රහණය උදෙසා මෙහෙයවන්නේය. මේ නිසා වසර 17 ක එජාප ආණ්ඩුව පැරදවීමට හැකිවිය. එහෙත් ඇයට බලය ලැබුණත් මොලය ලැබුණේ නැත. ඇගේ යම් යම් තීන්දු තීරණ නිසා ඇගේ සහෝදරයා පළමුව ඇයට එරෙහිව සිටගත්තේය. එසේම යටින් ඇගේ මව(මැතිණිය) කකුලෙන් ඇද්දේය. එසේම ඇගේ මර්ධනකාරී වැඩපිලිවෙළත්, විනිවිද භාවයේ ගැටලු නිසාත්, වටකරගත් හොරු රැළ නිසාත් අවසානයේ ඇගේ සමයේදී ශ්‍රිලනිප ය දෙකට කැඩී ගියේය. එම දෙකට කැඩීයාම පිටුපස මහින්ද සිටි බව ඕනෑම අයකු දන්නා දෙයකි. මහින්ද පක්ෂය කැඩීමට ප්‍රධාන වශයෙන් යොදාගත්තේ චන්ද්‍රිකාගේ මල්ලි වන අනුරය. අනුර සමඟ එකට ෂොට් එක දමා මහින්ද පක්ෂයට කෙළියේය. ඒ මහින්දගේ අනාගත බලාපොරොත්තුව සකසා ගැනීම සඳහාය. අවසානයේ පක්ෂයේ මීළඟ නායකත්වය ගැනීමට සිටි අනුර ගියේය. ඊට පසුව එස්.බී. ඇතුළු පිරිස එජාප යට ගියහ. අවසානයේ මහින්ද පමණක් සිටියේය. මේ නිසා මහින්ද ක්‍රමයෙන් අගමැති පුටුවට තල්ලු වී ගියේ කාටත් නොතේරෙන්නටය. අවසානයේ ජනාධිපති පුටුවටද ආවේ ඒ ගේම් නිසාය. එම ගමන පිටුපස මෛත්‍රී, කදිරගාමර්, මංගල, ශ්‍රීපති සහ ජෙයරාජ් වැනි අය සිටියහ. චන්ද්‍රිකාගේ කැමැත්ත වුයේ මෛත්‍රීව රජකරවන්නටය. එහෙත් මෛත්‍රි සිහින මැව්වේ මහින්ද රජකරවන්නටය. අවසානයේ මහින්ද රජ විය.


එසේ රජවූ සැණින් මහින්ද අනුරට කෙළියේය. ඊට පසු මංගලත්, ශ්‍රීපතිත් එලෙව්වේය. ඊටත් පසුව සැබෑ ශ්‍රිලනිප පාක්ෂිකයාට වටින් ගොඩින් කෙළින්නට විය. උපතින් යූඇන්පී කාරයකු වු බැසිල් ආණ්ඩුවේ බලවේගය බවට පත්විය. යූඇන්පීයේ සිටි කෙහෙළිය, ජෝන්ස්ටන්, දුමින්ද වැනි අපතයන් ලොකු ලොකු තනතුරු වලට පත් කළේය. අවසානයේ ශ්‍රිලනිප පක්ෂයේ රජ කළේ යුඇන්පී කාරයන්‍ ය. හැබැයි මේ හැම කෙනාටම දුෂණ චෝදනා තිබුණේය. එහෙත් මහින්දට අදාල නැත. මහින්ද සැම විටම උත්සහ කළේ ශ්‍රිලනිපකාරයාට වඩා පිටින් පැමිණ ශ්‍රිලනිපය හයිජැක් කළ උන්‍ ය. ඒ අතර ඉහත කී නම් සේම විමල් වීරවංශද සිටියේය. අවසානයේ මෛත්‍රීට දෙන්නට තිබූ අගමැතිකම යූඇන්පී කාරයන් සහ ආක්‍රමණිකයන්ගේ ගෙරවිලි මැද මහින්ද අත ඇරියේය.


මහින්ද සිය දෙවන ධුර කාලය වන විට මන්ත්‍රීවරු පමණක් නොව ඡන්ද දායකයාද අල්ලසට හුරු කළේය. මිනිස්සු සල්ලි, අරක්කු කාලට මිලට ගන්නා ක්‍රමයක් මහින්ද බිහිකළේය. සඟ - වෙද - ගුරු - ගොවි - කම්කරු පංච මහා බලවේගය වෙනුවට මහින්ද හොරු - එතනෝල් - කුඩු - කැසිනෝ - දූෂණය යන අපරාධ සිය බලවේගය බවට පත්කළේය.


සැමදා තමන්ට නොව රටට දෙයක් කළ ශ්‍රිලනිප ය මහින්දගේ සමයේදී රටටත්, පක්ෂයටත් නොව තමන්ට කරගන්නා තැනකට පැමිණියේය. යුද්ධය නිම කර ගෞරවය වැලඳ ගැනීමට අවස්ථාවක් තිබියදී මහින්ද එය අතහැර බලය ඒකාරාශී කරගන්නා ක්‍රමයක් අනුගමනය කළේය. මෙය ශ්‍රිලනිප ප්‍රතිපත්තියට විරුද්ධ දෙයක් විය. කෙසේ වෙතත් ඒ වන විට මහින්ද ජවිපෙ, එජාප, ශ්‍රිලනිප, සම සමාජ ආදී සියලු පක්ෂ මුදලට කඩා දමා තිබුණේය. මේ නිසා මහින්ද සර්වබලධාරී දෙවියන් වී සිටියේය.


කෙසේ වෙතත් මහින්ද පාගා සිටි ශ්‍රිලනිප ය තුළින් මහින්දට විරුද්ධ රැල්ලක් එතැයි සිතුවේ නැත. මර්දනකාරී ප්‍රතිපත්තිය නිසා මහින්ද සිතුවේ සැමදා රජකම් කරන්නටය. එහෙත් නොසිතු විරූ මොහොතක මහින්දගේ ගමනට අත දුන් මෛත්‍රී රටේ නීතිය රකින්නටත්, ශ්‍රිලනිප ය රකින්නටත් එළියට බැස්සේය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ සැබෑ ශ්‍රිලනිප ඡන්ද මෛත්‍රීට හිමිවීමය. බොහෝ දෙනා කියන්නේ මෛත්‍රී දින්නේ දෙමළ මුස්ලිම් ඡන්ද නිසා බව කියාය. එහෙත් ශ්‍රිලනිප මව්බිම වූ ගම්පහ දිස්ත්‍රික්කය මහින්ද පැරදුනේ ඇයි කියා හොයන්නේ නැත. එසේ නොසොයන්නේ ශ්‍රිලනිප යේ ඇත්ත තත්ත්වය හෙළිවන නිසාය.



කෙසේ වෙතත් මහින්දගේ පරාජයෙන් පසුව මහින්ද ස්ව කැමැත්තෙන් පක්ෂයේ සභාපතිකම මෛත්‍රීට ලබාදුන්නේය. එහෙත් එලෙස ලබාදුන්නත් නැවත කුඩැල්ලා සේ මහින්ද ඇදෙන්නේ පක්ෂය පිටුපස්සේය. අද නැවත පක්ෂය රජ කරන්නට ඉල්ලන්නේ මහින්දගේ හොරු රැළමය. මහින්ද පැත්තකට වී තම රැලේ පිරිසගේ වෘෂණ කෝෂවලට ඇන ඇන කුලප්පු කරන්නේ නැවත පක්ෂය ලබාගන්නටය. මහින්ද සුපුරුදු පරිදි මේ කරන්නට යන්නේ නැවතත් පක්ෂයට කෙළින්නටය. පපුවට ගහගනිමින් තමන් ශ්‍රීලංකාකාරයා යැයි මහින්ද කීවත් මහින්ද සැබවින්ම ශ්‍රිලනිපය කැඩූ පුද්ගලයා විය. ඒ නිසා මහින්ද නැවතත් පිඹුරු පත් සකසන්නේ ශ්‍රිලනිප ය දෙකට කඩා නැවත නායකත්වය ගන්නටය. ඒ සඳහා නොයෙකුත් මාතෘකා යොදන්නේය.



කෙසේ වෙතත් මෙවර සංවත්සරය සමරන විට ශ්‍රිලනිප යේ සතුරා වී ඇත්තේ මහින්ද ඇතුලු රැළය. මෛත්‍රී නැවත ශ්‍රිලනිප ය බණ්ඩාරණායක ප්‍රතිපත්තියට ගැනීමට සූදානම් වන විට මහින්ද හදන්නේම නැවත පරණ අසූචි වලටම පක්ෂය තල්ලු කරන්නටය. ඒ නිසා මෛත්‍රී කළ යුත්තේ පක්ෂය ගොඩ නැගීමට පෙර වෙලාගත් රාජපක්ෂ බූ වල්ලාගේ අඬු කැඩීමය. එය මෛත්‍රී මේ වන විට සුළු වශයෙන් ආරම්භ කර ඇත. ඉදිරියේදී සියලු අඬු කැඩූ විට පක්ෂය ශුද්ද වනු ඇත. එතෙක් මෛත්‍රීට නොයෙකුත් අපවාද අසන්නට වනු ඇත. එහෙත් කණගාටු විය යුතු නැත. ඒ සියලු අපවාද නගන්නේ ශ්‍රිලංකාකාරයා නොව රාජපක්ෂ මාරයාගේ උන් නිසාය.

No comments