Breaking News

ලැන්ටියාගේ චින්තනය 08






















මෛත්‍රී දැන් හරි


















































ශ්‍රිලනිප 65 වන සමුළුව මේ වනවිට නිමවී ඇත. එය අති සාර්ථකද, නැත්තන් චාටර් ද එහෙමත් නැත්තන් පිස්සු හැදෙනවා කියා කියන්නට තවම සුදුසු කාලය නොවන බව මුලින්ම කිව යුතුය. මහින්ද රාජපක්ෂ සමයේදී පුටුව ළඟට වී "කොහොමද සර් සෙනඟ? ආයි ඉතිං සර්ව පරද්දන්න හම්බෙන්නේ නෑ මොන යකාටවත්" කියා කියන්න තරම් අපි වන්දි බට්ටයෝ නොවෙමු. ඒ එහෙම ලණු දෙන්නට තරම් අපිට උපන්ගෙයි හැකියාවක් නොමැති නිසාය. එහෙත් මේ සමුළුව ගැන අර්ථ ගැන්වීමේ යම් හැකියාවක් ඇත.

ශ්‍රිලනිප ය යනු සැබෑ ජනතාවාදී පක්ෂයක් මිස හොරුන් තක්කඩින් ලැඟුම් ගන්නා දබා හවුස් එකක් නොවන බව මුලින්ම කිව යුතුය. එලෙස කීවේ පහුගිය කාලය පුරා මේ පක්ෂයට අත්ව තිබූ ඉරණම දෙස බලාය. එයට  වගකිව යුත්තේ කවුද කියා ඇහුවොත් කෙලින්ම ඇඟිල්ල දික්කල හැක්කේ මහින්දටය. මහින්දට 2005දී  බලය ලැබුණත් පිරිස හිටියේ නැත. අද පපුවට ගහගන්නා මහින්දානන්දලා එදා හිටියේ රනිල්ගේ සපෝට් එකටය. මහින්දට ඡන්දය දෙන්න එපා ඕකව ගෙදර යවන්න ඕනේ යැයි මහින්දානන්දලා සිය පාක්ෂිකයන්ට කියූ හැටි රෑට නින්දේදි අදත් මතක් විය යුතුය.


එහෙත් කොටියාගේ වැඩ නිසා මහින්ද 2005 දින්නේය. (එහෙම ලියූ විට මහින්දගේ අයියලාට රිදෙනු ඇත. එහෙත් ඇත්ත ඒකය. ඒ නිසා සොරි හොඳේ) එසේ දින්න මහින්ද ඉස්සෙල්ලාම ළංකර ගත්තේ තමන්ට කෙළිය උන්ය.


මහින්දානන්ද ළඟටම ගත්තේය. ඊට පසු යූඇන්පී යෙන් එලවා දමා පසුව මහින්දට බෝම්බ තැබූ ජෝන්ස්ටන් මහින්දගේ බොක්ක වුණේය. කෝච්චිවල මාල කැඩූ රෝහිත, තමන්ගේම මහ ගෙදර ෆෑන් ගලවාගෙන ගිය බැසිල්, පක්ෂය් පාවා දී ඇමරිකාවට පැන්න ඩලස්, උපාලි මහතාගේ දේපල පැහැරගත්ත මෙන්ම අනුන්ගේ පවුල් කැඩූ වෙල්ගම, තම පක්ෂය පාවාදුන් වීරවංශ, විදෙස් කාන්තවක් දූෂණය කළ මෙන්ම සැමියා මරා දැමූ තංගල්ලේ සභාපති, දරුවන් සියයක් දුෂණය කළ සාරුව ලියනගේ සුනිල්, ගුරුවරුන් දණ ගැස්වූ උන්, මිනී මරපු උන් සේරම මහින්ද ළඟට ගත්තේය. එපමණක් නොව ඔවුන්ට පක්ෂයේ තනතුරුද ලබා දුන්නේය. මහින්ද සැබවින්ම කළේ අපරාධකාරයින් ශ්‍රිලනිප නැමැති ශුද්ධවූ ජලයෙන් නැවීම පමණක්මය. මේ නිසා නිල්වන් වූ ශ්‍රිලනිප ජලය 2015 වන විට රතු පැහැවී තිබුණේය. සැබවින්ම ශ්‍රිලනිපයට පහුගිය කාලයේ එක්වූයේ පාක්ෂිකයන් නොව කුලිකරුවන්ය. ඒ මහින්දලාගේ අයියලා මල්ලිලා සහ ගෝලයන්ගේ වැඩ නිසාය. මේ නිසා මහින්ද හිතුවේම ශ්‍රී ලංකාවේ ලොකුම පාක්ෂිකයන් ඉන්නා පක්ෂය ශ්‍රිලනිප ය කියාය.


මේ සිහිනය තව තවත් විඳිමින් මහින්ද ආතල් ගත්තේ මහින්ද චින්තන ඡන්ද ක්‍රමය හරහාය. එකවර වෙනුවට සලාක ක්‍රමය යටතේ කොටසෙන් කොටස් ඡන්දය තබමින් මහින්ද වැඩියෙන් ඡන්ද ගත්තේය. ඒ ඡන්දය ගත් හැටි අපට මතකය. පාක්ෂිකයන්ට මැෂින්, සෙවිලි තහඩු, චීත්ත රෙදි, ටොපි චොක්ලට් වගේ ඒවා පමණක් නොව අයියලාට අන්ඩර්වෙයාර් ලබාදී අන්දන්නද අයෙක් දුන්නේය. කෙසේ වෙතත් හදිසි වැඩි කමට ඇතැම් අවස්ථාවල ගම්වල අයියලා ජංගිද ඇඳගත්තේය. ඒ ජංගි සැප නිසා තවමත් සමහර අයියලා ඒවා ඇඳ මහින්දට කඩේ යන්නේ හරිම උජාරුවෙන්‍ ය. ඒ අතින් මහින්ද ගොඩය.


කොහොමෙන් කොහොම හරි මහින්ද ජාතික මැතිවරණයකට ආවේ 2010 දීය. ඒ මැතිවරණය ගැන කිසිවක් කියන්නට අපි සූදානම් නැත. මොකද ඒ ඡන්දය ගැන මහින්දගේ හෘද සාක්ෂිය දන්නා නිසාය.


අවසානයේ 2015 උදා වුණේය. මහින්දට එපා කියද්දී ඡන්දයට ගියේය. මහින්දගේ පළමු රැලිය තිබ්බේ අනුරාධපුරයේය .එදා මහින්ද තරමක් සූර්වී සිටියේ එහි සිටි ජනකන්දරාව දැකය. මහින්ද එය පරාජයේ සංකේතයක් ලෙස දුටුවේ නැත. ඒ මහින්ද ඒ වනවිට රජාට ඇඳ තිබීම නිසාය. මෛත්‍රීගේ රැස්වීම් වල ඇතැම් අවස්ථාවල සීයක්වත් හිටියේ නැත. මේ නිසා මහින්දගේ රැළ උඩ පැන්නේය. අවසානයේ ඡන්ද ප්‍රතිපළ එන විට මහින්ද එළියටය. මෛත්‍රී ඇතුළටය. එය සැබවින්ම මහින්දගේ වචනයෙන් ආස්චර්යයකි.


කොහොම උණත් මහින්දගේ ඈයෝ තවමත් ජයග්‍රහණය බලන්නේ ඔළුගෙඩි වලින් ය. ඒ නිසා මෛත්‍රීගේ සමුළුව දැක "අයියෝ හිටංට සෙනඟ නෑ නේ" කියන අයුරු ඉස්සරහට දකින්නට හැකිවනු ඇත. එය බලාපොරොත්තුද විය යුතුය.


කෙසේ වෙතත් මෛත්‍රී සතුටු විය යුතු කාරණාවක් ඇත. ඒ සමුළුවට පැමිණියේ සැබෑ ශ්‍රී ලංකාකාරයින් මිස ඩීල්කාරයින් නොවන බව කියාය. ඩීල්කාරයින් ආවානම් මෛත්‍රිටද වන්නේ මහින්දගේ ඉරණම රස විඳින්නටය. ඒ නිසා මෛත්‍රීට කියන්නට ඇත්තේ එක් දෙයකි ඇතුගල හරහා පැමිණි දහඩිය මිශ්‍ර පාක්ෂිකයාගේ සුවඳ ඔබ ආග්‍රාහණය කළා යැයි සිතමි. එසේ නම් මෛත්‍රී ඔබ වින්දේ 1951 සැප්තැම්බර් 02 වනදා බණ්ඩාරනායක මහතා විඳි සුවඳය. ඔබ වින්ඳේද බණ්ඩාරණායක මහතා විඳි සුවය මය. ඒ නිසා ඔබට කවදා හෝ විශ්‍රාම යා හැක්කේ වෛරයකින් නොව සතුටකිනි. ඒ ලේ පිපාසිත වෘක්කයින්ගෙන් පක්ෂය මුදාගත් ශ්‍රි ලංකාකාරයකු ලෙසටය. ඒ නිසා දැන් පක්ෂයත් හරි අතටය. රටත් හරි අතටය.





























No comments