ලැන්ටියාගේ චින්තනය 16
ඇමරිකාවේ එහෙම උණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ
ඔබාමා හිස් අතින් යන්නට ගියේය. හිලරි පැරදී ආයුබෝවන් කීවාය. ට්‍රම්ප් ලෝක බලවතා බවට පත්විය. කතාව සරලය. සිද්ධින් දිගය. අවසානය සුන්දරය. මේ ඇමරිකාවේ දේශපාලනය වන්නේය.
දැන් ට්‍රම්ප්ගේ ජයග්‍රණය අල්ලාගෙන ඔහුහේ හිතවාදීන් හිලරිගේ ගෙදරටවත්, ඇයගේ හිතවාදින්ගේ ගෙවල් වලටවත් පහර දෙන්නේ නැත. ඒ තබා එරට මාධ්‍ය වලින් හෝ පහර දෙන්නේ නැත. ඔබාමා සිය කාර්ය නිමකොට නව ජනාධිපතිට සුබ පැතුවේය. හිලරි සිය පරාජය පිළිගෙන සිය දරුණුතම ප්‍රතිවාදියා වන ට්‍රම්ප්ට ආදරයෙන් සුබ පැතුවේය. එපමණක් නොව සිය ජයග්‍රහණයෙන් උන්මාද වී සිටි ට්‍රම්ප් පම්පෝරි නොගහා ඔබාමාටත් සිය ප්‍රබල ප්‍රතිවාදියා වූ හිලරිටත් ස්තූති කළේය. එසේම ඇයගේ දේශපාලන ඉතිහාසයටත් ඈ ඇමරිකාවට සිදුකළ සේවය ගැනත් අගය කළේය. දැන් ඇමරිකානුවන් සිය සුපුරුදු ජීවන චක්‍රයේ යෙදෙමින් සිය රට තව තවත් ඉදිරියට ගෙන ඒම සඳහා කටයුතු සිදුකරන්නේය. ඒ ලෝකයේ විසිරී සිටින සියලු ඇමරිකානුවන් එක්වය. ට්‍රම්ප් කියූ පරිදි දැන් ඔහු සියලු ඇමරිකානුවන්ගේ ජනාධිපතිය. මුල කිවු පරිදි කතාව ඉතා සුන්දරය.
දැන් ඇමරිකාවෙන් ලංකාවටය. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ජනවාරි 8 වෙනිදා පුරවැසි ඡන්දයෙන් පැරදුණේය. ඊට පසු ඔහුද ඉතාම ගෞරවාන්විතව රටටම අතවනා මැදමුලනට චොපර් එකෙන් ගියේය. එසේ ගොස් හුස්ම ඉහල ගෙන පහළට හෙලන්න ඉඩක් තිබුණේ නැත. ඔහුගෙන් යැපුණු දේශපාලන බත්බැලයන් මිනිස්සු රැගෙන ටාටා බස් වල නැගී මැදමුලනට ආහ. හරියට කතරගම දේවලය වැඳගන්නට එනවා වගේය. රටේම ගමක් ගමක් ගානේ දවසින් දවස බස් මැදමුලන දුවන්නේය. අම්මා, තාත්තා, අච්චි, සීයා, අයියා, අක්කලා පෝලිම් ගැසී සිටින්නේ එක්කෝ මැදමූලනය, නැත්තන් තංගල්ලේ කාල්ටන් ගේ ගාවය. මහින්ද අත් දෙකත් එකතු කරගෙන හිනා වෙමින් ආසිරි වනිගරත්නගේ ෆෙන්ෂුයි පිළිමයක් ලෙස ඉන්නේය. අනේ අපේ ගමේ අම්මලා තාත්තලා සීනි, තේ කොළ පාර්සල් මහින්දගේ මූණ ඉස්සරහා තියමින් සාදු සාදු කියන්නේය. මේ අපේ රටේ හිටපු ජනපති කෙනෙකුගේ ජීවිතයය.
ඔන්න ආණ්ඩුව පොඩි පොඩි අවුල් ගිය විට මහින්ද ඕනේ යැයි ඔහුගේ අනුගාමිකයන් මැදමූලන දුවන්නෝය. ඊට පසු මහින්ද කකුළෙන් ඇදන් ගොස් ඉස්ටේජ් දැම්මේය. ගමක් ගමක් ගානේ ගොස් කතා කරන්නේය. එයින් නොනැවති මහමැතිවරණයට අපේක්ෂයකු ලෙස ඉදිරිපත් වුණේය. ඒ අගමැතිකම ගන්නටය. හරියට උපාදිය ගෙන නැවත ඕලෙවල් ලියන්නට ගියා වගේය. අවසානයේ අගමැතිකම ගැස්සී ගියේය. ගෞරවය ගැන තඹ දොයිතුවක් නොසිතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස වාඩි වුණේය. පුතා පිටිපස්සේය, තාත්තා ඉස්සරහය. ඉස්සරහ ඉන්නා ආණ්ඩු පක්ෂයේ උන් අම්මා මූ නැතිවෙන්න ඇඟිල්ල දික්කොට බනින්නේය. මහින්ද හිනා වෙවී ඉන්නේය. මේ අපේ තිස්වසරක යුද්ධය ජයගත් නායකයාය. එයින් නැවතුනේ නැත. දැන් බලය අල්ලන්න සමුපකාර ඡන්දයට පොරකන්නේය. මහින්දගේ ගෝලයන් රැයක් දවාලක් නොබලා සමුපාකාරය අල්ලා ගැනීමට මෙහෙයුම් කරන්නේය. දැන් වැඩේ නැගලා යන්නේය. ෆේස් බුක් කැම්පේන්, පත්තර ඇඩ් දාන්නේය. ඒ අලුත් පක්ෂ නායකත්වයක් ගෙන නැවත මහින්ද බලයට එන්නටය.
දැන් ඔක්කොම පැත්තකින් තබා ට්‍රම්ප් පස්සේ යන්නේය. ට්‍රම්ප් අප්පච්චි වගේ කියා මෙහෙ ගොන් වහන්සේලා කියන්නේය. වැඩියෙන්ම ට්‍රම්ප්ට කඩේ ගියේ මහින්දගේ ගෝලයන්ය. උන් හිතන්නේ ට්‍රම්ප් නිසා මහින්ද මේ රටේ නායකයා වනු ඇති බව කියාය. විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරිය. රටේ හිටිය නායකයකු මෙහෙම කුජීත වීම කෙතරම් පවුද? රටට කෙතරම් ආශෝභනද? එහෙත් කරන්නට දෙයක් නැත. ඇමරිකාවේ මිනිස්සු මෙන් අපේ රටේ ඔක්කොම මිනිස්සු එහෙම නැත. ඇමරිකාවේ නායකයන් මෙන් අපේ රටේ හැම නායකයාම නැත. ඒ රටේ අවාසනාවය. ඒ නිසා ට්‍රම්ප්ලා කෙසේ වෙතත් ඔබාමලා, හිලරිලා නම් මහින්දල වගේ අයගෙන් බලාපොරොත්‍තු වන්නට බැරිය. ඇත්තම කතාව නම් ඇමරිකාවේ එහෙම වුවත් ලංකාවේ නම් එහෙම වෙන්නේ තියා වෙන්නට දෙන්නේද නැත.
I can't beivlee I've been going for years without knowing that.
ReplyDelete