Breaking News

හෙම්මාතගම කුඩා ඔයේ නාන්න ගිය සිසුන්ට මාර සීන් එකක් වෙලා

bath
හෙම්මාතගම එරමිණිගම්මන ප්‍රදේශයේ කුඩා ඔයේ දිය නාමින් සිටි පාසල් සිසුවකුට අයත් රුපියල් විසි දහසක් වටිනා ටැබ් එකක් සහ රුපියල් දෙදහසක් වටිනා ජංගම දුරකතනයක් පැහැරගෙන ගියැයි කියන පුද්ගලයකු සොරාගත් භාණ්ඩද සමඟ දිනක් ගත වීමටත් පෙර අත්අඩංගුවට ගැනීමට හෙම්මාතගම පොලිසිය සමත්ව ඇත.
පොලිසියට වාර්තා වී ඇති අන්දමට සිද්ධිය මෙසේය. තල්ගමුව ප්‍රදේශයේ විදුහලක සිසුන් සිවු දෙනකු පසුගිය 30 වැනිදා සවස ගිනිහප්පිටිය ප්‍රදේශයේ පිහිටි ගුරුවරියකගේ නිවසේ පැවති පින්කමකට සහභාගි වීමට පැමිණ ඇත. පසුව ඒ අසල ඔයට දිය නෑමට කතිකා කරගත් සිසුන් එරමිණිගම්මන පන්සල අසල වූ ඔයට ගොස් තමන් අත වූ ටැබ් එක හා ජංගම දුරකතනය බෑගයක දමා එහි ගිය කුඩා සිසුන් අතට එය දී දිය නෑමට පටන්ගෙන ඇත.
මේ අතරවාරයේ සිලිබෑගයකින් මුහුණ වසාගත් අයකු එම ස්ථානයට කඩා වැදී ඇති අතර ඔහු දුටු එක් කුඩා සිසුවකු බිය වී දිවගොස් තිබේ. ඒ සමඟම සොරා බෑගය රැගෙන දිවගොස් ඇත.
එලෙස සොරා දුවගෙන යද්දී මුහුණ වසාගෙන සිටි සිලි බෑගය ගැලවී යෑම නිසා සිසු පිරිස ඔහු හඳුනාගෙන ඔහු පසු පස එළවාගෙන ගොස් එය ඉල්ලා ඇතත් ඔවුන්ට තර්ජනය කර සොරා පලාගොස් ඇත. මේ අනුව එම භාණ්ඩ හිමි එච්. එම්. සුදේශ් සෙහාන් මධුසංඛ නමැති එම සිසුවා සිය මවුපියන්ද කැටිව හෙම්මාතගම පොලිසියට පැමිණිලි කරන ලදුව පොලිස් නිලධාරීන් පිරිසක් ඉහළ තඹවිට ප්‍රදේශයට ගොස් සොරාගත් භාණ්ඩද සමඟ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ සැකකරු 01 වැනිදා අරණායක සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියට පමුණුවන ලදුව මාවනැල්ල දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් එල්. කේ. මහින්ද ලියනගම මහතා විසින් නොවැම්බර් 15 වැනිදා දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කෙරිණි.
හෙම්මාතගම පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. සනත් රංජිත්, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. අශෝක බණ්ඩාර, පො.සැ. (28671) කොඩිතුවක්කු පො.කො. (84902) විජේකෝන් යන මහත්වරුන් විසින් මේ පැමිණිල්ල පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදු කරන ලදී.
අරණායක – රත්න හෙම්මාතගම
මව්බිම

No comments