Breaking News

25000/= ගෙවාගන්න බැරි උනොත් ඔබට අත්වන ඉරණම දන්නවාද ??



මාර්ග නීතී උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වූ බරපතළ වැරදි හතක් සඳහා නියම කෙරෙන අවම දඩ මුදල රුපියල් 25,000 ක් ලෙස පසුගිය අයවැයෙන් යෝජනා කෙරුණා.එය ගෙවීමට නොහැකි වුවහොත් අධිකරණයේ අභිමතය පරිදි සිර දඬුවමක් හෝ නියම කළ හැකි බව නීතිවේදින් පෙන්වා දෙනවා.

01 දඩ මුදල් වැඩි කිරීමට රජය තීරණය කොට ඇත්තේ

02  වලංගු රියදුරු බලපත‍්‍රයක් නොමැතිව ධාවනය කිරීම,

03 වලංගු රියදුරු බලපත‍්‍රයක් නොමැති අයෙකුට රථයක් ධාවනය
       කිරීමට ඉඩ ලබාදීම,

04 වම් පසින් ඉස්සර කිරීම,

05 දුම්රිය හරස් මාර්ග නීති උල්ලංඝනය කිරීම

 06 බීමත්ව රිය ධාවනය කිරීම

07 අධික වේගයෙන් රියධාවනය

08 රක්‍ෂණ සහතිකය නොමැතිව රිය ධාවනය කිරීම

සම්බන්ධයෙන් වූ වැරදි සඳහායි.එම දඩ මුදල නොගෙවුවහොත් දඩ මුදල් නොගෙවූ පුද්ගලයාට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමක් පොලිසිය විසින් සිදුකරනු ඇති බවත්, එවිට මහේස්ත‍්‍රාත්වරයාගේ නියමය අනුව රුපියල් 25,000 ට වඩා වැඩි දඩයක් නියම කෙරෙනු ඇති බවත් නීතිවේදීන් පවසනවා.

එම දඩ මුදල නොගෙවුවහොත් අධිකරණයේ අභිමතය පරිදි සිර දඬුවමක් නියම කළ හැකි බවද ඔවුන්ගේ මතයයි.


No comments