Breaking News

ජයලලිතාගේ මිතුරිය වූ ශෂිකලාගේ මැදියම් රෑ කුමන්ත්‍රණය හෙළි වෙයි

jaya
තමිල්නාඩු මහ ඇමැතිනිය වූ ජයලලිතා ජයරාම් මරණාසන්නව සිටින අවස්‌ථාවේ ඇගේ සමීපතම මිතුරිය වූ සෂිකලා තම රාජ්‍ය කුමන්ත්‍රණයක්‌ දියත් කර තිබූ බව හෙළි වී ඇත.
පසුගිය ඉරිදා රාත්‍රියේ 7.30 ට පමණ ජය ලලිතාට බරපතළ හෘදයාබාධයක්‌ හට ගැනීමෙන් පැය තුනකට පසු වත්මන් මහ ඇමැති පනීර්සෙල්වම් සහ පක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු සෂිකලා ජයලලිතා සුළු ආබාධයකට ප්‍රතිකාර ගන්නා බව සඳහන් කර තිබේ.
පනීර්සෙල්වම් ඇතුළු අන්නායි එම්. කේ. පක්‍ෂයේ කිසිදු මන්ත්‍රීවරයකුට ජයලලිතා ප්‍රතිකාර ලබන ස්‌ථානයකට යැම සඳහා ඉඩ දී නැත.
හෙළි වී ඇති තොරතුරුවලට අනුව ජයලලිතා ප්‍රතිකාර ලබන කාමරය අසල ශසිකලා සහ ඇගේ උපදේශකයන් මෙන්ම හිටපු රජයේ නිලධාරිනියක්‌ වූ ෂිලා බාලක්‍රිෂ්ණන් සිටි බව වාර්තා වී ඇත.
පසුගිය සඳුදා උදේ ශෂිකලා සියලුම ඇමැතිවරු සහ මන්ත්‍රීවරු ඇපලෝ රෝහලේ පහල තට්‌ටුවට කැඳවනු ලැබුවා. එහිදී හිස්‌ කඩදාසි තුනකට ඔවුන්ගේ අත්සන් ගැනීමට ඇය ක්‍රියා කළා. එම අත්සන් ගත්තේ කුමකටදැයි සෂිකලා හෙළි කළේ නැත.
සඳුදා සවස 2 වන විට ජයලලිතාගේ මරණය වාර්තා වුනා. සවස 6 ට පක්‍ෂ කාර්යාලයට එන ලෙස ශෂිකලා සියලුම මන්ත්‍රීවරුන්ට දන්වා සිටියා. නමුත් වත්මන් මහ ඇමැති පනීර්සෙල්වම් සහ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු පස්‌ දෙනෙක්‌ පක්‍ෂ කාර්යාලයට පැමිණ සිටියේ නැහැ. මේ කාල සීමාවේ සෂිකලා විසින් බලය පැවරීම සඳහා පනීර්සෙල්වම් සහ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු අතර සාකච්ඡාවක්‌ පැවැති බව වාර්තා වුණා. මේ වන විට තමිල්නාඩු රූපවාහිනී නාලිකා ජය ලලිතා මිය ගිය බව ප්‍රචාරය කළා. රාත්‍රී 11 ට පමණ පනීර්සෙල්වම් සහ ඇමැතිවරු පස්‌ දෙනා පක්‍ෂ කාර්යාලයට පැමිණියා. එම අවස්‌ථාවේ නව මහ ඇමැති ලෙස පනිර්සෙල්වම් පත් කළ බවට ප්‍රකාශ වුණා යෑයි ඉන්දියාවේ එන්. ඩී. ටී. වී. රූපවාහිනී සේවය හෙළි කළේය.
59 හැවිරිදි වියේ පසුවන සෂිකලා 1980 වසරේ සිට ජය ලලිතාගේ සමීපතම මිතුරිය ලෙස කටයුතු කර ඇත.
ඇගේ වත්කම ඉන්දීය රුපියල් කෝටි පණහක්‌ බව වාර්තා වී තිබේ. මෙම වත්කම් හිමි වු ආකාරය හෙළි නොකිරීම නිසා ඇයට එරෙහිව නවදිල්ලි අධිකරණය හමුවේ නඩුවක්‌ විභාග වේ.
උපුටා ගැනීම දිවයින

No comments