Breaking News

ලැන්ටියාගේ චින්තනය 20

මහින්ද මොකාටද එන්න හදන්නේ


මහින්ද රාජපක්ෂ 2015 ජනවාරි 08 වෙනිදා බැස ගියේය. එලෙස බැස ගියේ රජ ඔටුනු දමාගෙන රාජ සිංහාසනයේ විරාජ මානව සිටියදීය. කරුමයක මහත නම් රජා කිච වෙන බව රාජකීය දෛවඥයා දැන සිටියත් කියන්නට බය වුණේය. මහින්දගේ ආණ්ඩුව නියම රාජ සභාවය. කේවට්ටයා විමලේය. විකටයා මර්වින්ය. රාජකීය දෛවඥයා පමණක් නොව රාජකීය වෙදෙකුද සිටියේය. කෙසේ වෙතත් වෙදා මහින්දගේ නංගිට බැල්ම දාන්න ගොස් වැඩේ කෙලවා ගත්තේය.



කොහොම උණත් ඒ ආණ්ඩුව තුළ රජාගේ අණ මිස නීතියක් නැත. දිවි නැගුමට පනතට එරෙහි වු නිසා අගවිනිසුරුවරිය බලෙන් එලෙව්වේය. ආණ්ඩුවේ හොඳ නොකී නිසා ලසන්තලාට, එක්නැලිගොඩලාට මරණ සහතියකය ලබා දුන්නේ ළඟටම පැමිණය. එපමණක් නොව රජගෙදර කුමාරයාගේ කෑල්ලට ලව් කළ නිසා රගර් ක්‍රීඩකයා පරලොව යැව්වේය. ඒ විතරක් නොව ආණ්ඩුවට ගල් ගහන උන් සුදුවෑන් වලින් ඔසවාගෙන ගියේය. එයින් නොනැවතුණු රාජපක්ෂලා දුරකථනයටත්, ගෙදරටත් අවසානයේ කක්කුස්සියටත් එබී බැලුවේය.


කොටින්ම කීවොත් රාජපක්ෂලා ප්‍රජාතන්ත්‍රවාදයේ සුර දූතියගේ තනයි, කටයි, පුකයි මිරිකා අවසානයේ අහවල් වැඩේද කළේය. මේ සඳහා නොමද සහයෝගය විමල්, රෝහිත, ජොනී, සාරුව සුනිල් වගේ උන්ගෙන් හොඳට ලැබුණේය. උන් අප්පුඩි තැලුවා මිස වෙන මගුලක් කළේ නැත.


කොහොම හරි මහින්ද ගෙදර ගොස් අවුරුදු දෙකක් වුණේය. දැන් මෛත්‍රීගේ ආණ්ඩුවය. ඒත් මහින්ද තවමත් රටේ රජ වෙන්න හීන දකින්නේය. සිය රැළ එක්කාසු කරගෙන රජවාසලේ නැටුම් නටන්නට හදන්නේය. නුගේගොඩින් අරහෙන් මෙහෙන් එන්න හදන්නේ ඒ නරි නාටකය. දැන් මහින්ද මෙසේ කියන්නේය. මේ ආණ්ඩුව ඒකාධිපතිය. ජීවන බර වැඩිය. සමලිංගික කසාදය ගේන්න යන්නේය. කන්න නැත. බොන්න නැත. මාධ්‍යට නිදහසක් නැත කියා මහින්ද කියන්නේය. මහින්ද පමණක් නොව විමල් ඇතුළු හොරු හතලිහම කියන්නෝය. කොහොම උණත් එ අය කතා කරන්නේ මුඛයෙන් නොව අධෝමුඛයෙන් බව පැහැදිලිව පේන්නේය. අච්චර ඒකාධිපති පාලනයක් ගෙන ගිය මහින්ද මෙසේ කීමම විහිළුවකි. මහින්ද පෝට් සිටියෙන් ආණ්ඩුවට ගසා ගොඩ එන්නට හැදුවේය. ඒත් වැඩේ හරි ගියේ නැත. ඊට පසුව හම්බන්තොට සිද්ධියෙන් එන්නට ගියේය. ඒකත් හරි ගියේ නැත. ඊට පසුව නියඟය අල්ලා දඟලන්නට හැදුවේය. ඒකත් හරි ගියේ නැත. දැන් උතුරන්නට වහින්නේය. දැන් මහින්දට ඇත්තේ එකම තුරුම්පුවකි. ඒ බැඳුම්කර සිද්ධියය. ඒත් මහින්ද බැඳුම්කරේ ගැන කතා කරන්නේ කකුළ දෙපැත්තේ තියාගෙනය. එයට හේතුවක් ඇත. 


එනම් මුලින්ම බැඳුම්කර නීතිවිරෝධීව වික්කේ මහින්දලාය. ඒ කබ්රාල්ගේ දැනුමට අනුවය. දෙවන කාරණය නම් අර්ජුන් මහේන්ද්‍රන් සහ ඇලෝසියස් රාජපක්ෂලාගේ මිතුරන්ය. ඒ නිසා මහින්ද වචනයක් දෙන්නේ නැත. මේ දිනවල පාර්ලිමේන්තු විවාදය හතර මායිමේ මහින්ද යන්නේද නැත. රටට ආදරේ   නම් මහින්දට පාර්ලිමේන්තුවේදී අර්ජුන්ලාව පට්ට පතුරු ගැසිය හැක. එහෙත් එහෙම නොකර පන්සල් ගානෙයි, පාරෙයි ඇවිදිමින් සීලවතිී වගේ අර්ජුන්ගේ ඇද කුද කියන්නේ යාළුකම රැකගැනීමේ අරමුණ ඇතිවය. ඒ නිසා මහින්ද හදන්නේ කෙසේ හෝ බලයට පැමිණ එයාගේත්, අනෙක් රැලගේත් මේ ආණ්ඩුවේ මිතුරන්ගේ හොර වැඩත් වසා දමන්නටය. එසේ කිරීමට කැමති අය නුගේගොඩ රැළියේදී මෙන් අමුවෙන් කොස් කොළ සහ ක්‍රෝටන් කොළ කෑවට කම් නැත. ඒ සඳහා අපට දොස් නැගීමද නොහැකිය. ඒ ඔබේ උරුමය නිසාය. ඒ නිසා තව කන්න.

No comments