Breaking News

ලැන්ටියාගේ චින්තනය 03

මහින්ද!!  මහන්සිත් ඇතිනේ, බොමුද සීතල වතුර වීදුරුවක්.

නුවර ඉඳන් කොළඹ ඇවිත් මහින්දට දැන්නම් හොඳටම මහන්සිත් ඇති. ඒ නිසා මහින්ද මහත්තයගෙයි එයාගේ ගජයන්ගෙයි මහන්සිය යන්නත් එක්ක අපි ඉස්සෙල්ලාම සීතල වතුර වීදුරුවක් බීලම කතාව පටන් ගමුකෝ.



පාද යාත්‍රා නම් මහින්ද. මහින්ද නම් පාද යාත්‍රා. ආයේ කතා දෙකක් නෑ හරියට ගහට පොත්ත වගේ. මොකද පාද යාත්‍රා කියන ඉවෙන්ට් එකේ පිතෘත්වය වගේම පේට්න් එක තියෙන්නේ මහින්දට. මහින්ද පාද යාත්‍රා ගියේ අද ඊයේ නෙමෙයි. මහින්දගේ පාද යාත්‍රා ඉතිහාසය නතර වෙන්නේ1992 න්. එදා මහින්ද පාරට බැස්සේ ප්‍රේමදාසගේ පාලනයට එරෙහිවෙලා. විශේෂයෙන් ජේවීපි ය මර්දනයට මුවාවෙලා සිදුකළ තරුණ සංහාරය දැඩි ලෙස රට කැලඹීමකට පත්කළා. ඒ වෙලාවේ ඒ කැලඹීමට නායකත්වය ගත්තේ මහින්ද. මහින්දට ඕන වෙලා තිබ්බේ මේ රටේ සිදුවන සංහාරය ලෝකයට කියන්න. විශේෂයෙන් මානව හිමිකම් කොමිසමට දන්වන්න. ඒ හරහා ජාත්‍යන්තරය තුළත්, රට තුළත් ආණ්ඩු විරෝධී බලවේගයක් හදන්න.


මේ නිසා මහින්ද එදා කොළඹ ඉඳන් කතරගමට පාද යාත්‍රා ගියා. ඒ වෙලාවේ මහින්දගේ ගමන එක්ක හිටියේ දේශපාලන දැවැන්තයෝ. මෛත්‍රී,අනුර, එස්.බී, මංගල වගේ අය. ඒ නිසා පාද යාත්‍රාවට තිබ්බේ මහා බලයක්. ඒ වගේම ඒ පාද යාත්‍රාව යන්න ඒ වෙලාවේ රටේ හේතුවකුත් ආණ්ඩුව විසින් ගොඩනගලා තිබුණේ. මේ නිසා අවසානයේ ප්‍රේමදාසගේ ඝාතනයත් සමඟ චන්ද්‍රිකාට ඉබේට බලය අතට ආවා. ඇත්තටම කිව්වොත් ඒ මහින්දගේ වැඩ නිසා. එහෙව් මහින්දට අද මොකද වුණේ?

ඔව්, හැමෝටම ප්‍රශ්නයක්. මහින්ද කියන්නේ මොළකාරයෙක්, මීටරයක්, දේශපාලන නියම සත්වයෙක්. හැබැයි ඒ 2010ට ඉස්සෙල්ලා.

2009 යුධ ජයග්‍රහණයෙන් පස්සේ මහින්දට රටේ මිනිස්සු රජෙකුට වගේ සැලකුවා. ඒත් මහින්ද හිතුවේ මම රජා කියලා. එතන ඉඳන් මහින්ද හැසිරුණේ කැකිල්ලේ වගේ. ඇතැම් තීන්දු තීරණ මහින්ද සොමියට ගත්ත ඒවා. මහින්ද පාර්ලිමේන්තුවේ බහුරය අල්ලගෙන හොඳට සොමිය ගත්තා. හිතන්න අගවිනිසුරුවරිය ඉවත් කිරීම, 18 වන සංශෝධනය ගෙන ඒම වගේ ගත්ත සොමි උපරිමයි. මේ නිසා රට වල් වැදෙන්න පටන් ගත්තා. ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ආණ්ඩු විරෝධී ජනරැල්ල රට තුළ හැදෙන්න ගත්තා.

නීතිය රාජපක්ෂලාගෙයි, ගජයන්ගෙයි  සෙල්ලම් කරත්තයක් උණා. තාජුඩීන් අමු අමුවේ මරලා දැම්මා, ලලිත් කූගන් අතුරුදන් කළා, ලසන්තව මැරුවා, සිරසට බෝම්බ ගැහුවා. ඒ වගේ ගොඩක් දේවල් මහින්දලා සිදුකළා. අන්තිමට තමන්ගේ ගාව හිටිය මර්වින්ගේ පුතාටත් ගැහුවා. ඊට පස්සේ රජ වාසල දොස්තර ඒලියන්ත වයිට්ගේ ගෙදරට වෙඩි තිබ්බා. මේ ඔක්කොම කළේ මහින්ද ප්‍රමුඛ රාජපක්ෂවරු. හැබැයි එක දෙයක් පොලීසියෙන් අල්ලන්න බැරි උණා. ඔක්කොම යට ගියා. සජින්, මර්වින්, නිශාන්ත, ජෝන්ස්ටන් වගේ උන් රජවාසලේ පුරෝහිතලා වුණා.

අන්දරේලා දරුණු කවටකම් කරනකොට මහින්ද හිනාවෙවී හිටියා. මේ නිසා මහින්දට දවල් රෑ පවා පෙන්නේ නැති තැනට ආවා. ලෝකයේ දැවැන්ත කන්සෙප්ට්, බිල්ඩින් ලංකාවට ගෙනාවා. ඒත් මානව අයිතියට පයින් ගැහුවා. අවසානයේ මහින්ද මැරෙන්නේ නෑ කියන තැනට හිතාගෙන හිටියා. මේ නිසාම මහින්ද 18 වන බලයෙන් තුන්වෙනි වතාවටත් අවුරුදු දෙකකට කලින් එලියට බැස්සා. ඉතිහාසයේ දැවැන්තම ඇඟ ලොමුදැහැගන්වන පරාජය මහින්දට උරුම උණා. මහින්ද ගෙදර ගියා. වන්දිබට්ටයෝ හැලිලා ගියා.

ඒත් දේශපාලනයේ අනාතයන්වන, ඒ කියන්නේ තනියම ඡන්දයකට එන්න බැරි විමල්, ගම්මන්පිල, දිනේෂ්, වාසු වගේ අයට මේක එච්චර ඇල්ලුවේ නෑ. ඒ වගේම ඒ වෙනකොට නාමයෝජනා ආයි නොලැබෙයි කියන මතයේ හිටිය ජොනී, රත්තරන්, වගේ අයටත් මේක දරාගන්න බැරි උණා. ඉතිං ඔන්න ආයිත් පටන් ගත්තා අප්පච්චි එන්න කියාගෙන. කොළඹ ඉඳන් බස් යාත්‍රා ගිහින් මහින්දව ආයිත් අන්දලා කොළඹට ගෙනාවේ.

ඉස්සෙල්ලා කිව්වා වගේ මහින්ද 2010 න් පස්සේ හිටියේ බල කාමයක. ඒ නිසා මහින්ද රටේ ජනතාව වෙනුවෙන් කියලා ඉස්සරහට ආවා අගමැතිකමට කෙල හලාගෙන. ඒත් කරුමේ කියන්නේ මහින්දව ආයිත් මිනිස්සු ප්‍රතික්ෂේප කළා. ඒත් මහින්දගේ බලකාමය නිසා ඒක මහින්දට පෙනුනේ නෑ. මහින්ද තවමත් හීන මවනවා.

මහින්ද ඒ හීනේ කූටප්‍රාප්තිය තමයි පාද යාත්‍රාවෙන් පෙන්නුවේ. රටේ නීතිය ක්‍රියාත්මක වෙනකොට, පොඩි උන් නැතුව මහ එවුන් අල්ලනකොට මහින්දට ඒකට රිදිලයි පාගමන් ගියේ. මහින්ද දන්නවා ආයිත් කවරදාකවත් බලයට එන්න වෙන්නේ නෑ කියලා. ඒ නිසාම තමයි මහින්ද පාද යාත්‍රා ගියේ. ප්‍රධාන හේතුව මහින්දට ඕන උණේ කොල්ලව ඉස්සරහට ගේන්න. ඒක මේ ආණ්ඩුවෙන් මරුවට කරලා දුන්නා. නාමල් හිරේ ගියා.ඒ මන්ත්‍රීවෙලා ඉන්න කාලෙම. ඒ වගේම බැසිල් හිරේ ගියා නාමල් නිදහස් උණාම. ඒ වගේම බැසිල් හරහා ගෝඨාභය කැපුවා නාමල් ඉන්න නිසා. ඒ නිසා අවසානයේදී නාමල් අගරජු උණා මහින්දගේ සිහින රාජ්‍යයේ. ඒක මම හිතන්නේ ඔය ඒකාබද්දේ බඩුවලටත් තේරිලා තියෙන්නේ.


කොහොම උණත් එදා පාද යාත්‍රා ගිය මහින්දත්, අද පාද යාත්‍රා ගිය මහින්දත් අහසට පොළව වගේ. එදා ඇත්තටම මහින්ද පාද යාත්‍රා ගියේ රට වෙනුවෙන්. ඒත් අද පාද යාත්‍රා ගියේ තමන් වෙනුවෙන්. ඒ මහින්දගේ අනාගතය හදාගන්න. දැන් නාමල්ට හොඳ කාලේ කියලයි මහින්ද හිතන්නෙත්. ඒත් මහින්ද දන්නේ නෑ මේ එන්නේ සෙනසුරා ලබන කාලේ කියලා. අනික මහින්ද බඹරේ වැල්ලේ ගැහුවෙත් නියම වෙලාවේ නෙමෙයි. බඹරේ කැරකුණාට වෙරලේ මුහුදේ රළ සැර වැඩියි කියලා මහින්දට පේන්නේ නෑ. ඒ නිසා මහින්ද කරගැට දාගෙන පාගමන් ගියාට හිතේ තියන දේ ඉෂ්ට වෙන්නේ නෑ.

කොහොම උණත් දැන් මහන්සිත් ඇතිනේ, අපි එහෙනම් සීතල වතුර වීදුරුවක් බීලම කතාව නවත්තමු.

No comments