ලැන්ටියාගේ චින්තනය 10
මෛත්‍රී, අශ්වයා පැනයන්නට කලින් ස්තාලය වහමු !!
රාජපක්ෂ සමයේ අමිහිරි අත්දැකීම් බොහෝමයක් ඔබත් අපත් වින්ඳේය. යම් අයකු එවැනි අමිහිරි බවක් ඒ සමයේ නොතිබුණා යැයි කීවොත් සැබවින්ම එය මානසික රෝගයක් මිස වෙනත් පිළිතුරක් ඇත්තේම නැත. කෙසේ වෙතත් මේ අමිහිරි භාවය නිසා මුලින්ම රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වුයේ බුද්ධිමත් වෘත්තීයවේදීන්ය. මෙම වෘත්තීයවේදීන්ගේ ඉවත්වීම රාජපක්ෂ ජුන්ටාව විසින් තඹ සතයකට මායිම් නොකළ අතර ඔවුන් සැමවිටම සිතුවේ ග්‍රව්න්ඩ් එක පිරෙන්න සෙනගත්, ගැලරියෙන් විසිල් පාරත් ලැබෙන නිසා මැතිවරණ ජයග්‍රහණය කිරිකජු ගේමක් කියාය. මේ නිසා රාජපක්ෂ යුගයේදී සැම විටම වෘත්තීයවේදීන් දෙවැනි කොට සැළකුවේය.
විශේෂයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලුවේදී රාජපක්ෂවරු ක්‍රියා කළේම කනපිට සිටගෙනය. ඇතැම් අවස්ථාවල ආචාර්යවරු සමඟ සාකච්ඡා කළේ රටේ අධ්‍යාපන අමාත්‍යවරයාවත්, ජනාධිපතිවරයාවත් නොව කොහේවත් සිටිනා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාය. සියයට 06 ක් අයවැයෙන් අධ්‍යාපනයට වෙන්කරගන්න බැරි අධ්‍යාපන ඇමතිවරයකු සිටිනා යුගයක ආර්ථික සංවර්ධන ඇමතිට ප්‍රශ්න විසඳන්න හැකි එකම සුදුසුකම වුයේ ඔහු ජනපති අයියා පැමිණි කුසේම පැමිණි මලයා වීම නිසාය. ඒ නිසා මල්ලිගේ වචනය අයියාගේ වචනය බවට බොහෝ දෙනා සිතුවේය. හීන දැක්කේය. මේ නිසා රටේ ප්‍රශ්න වලට විසඳුම් දුන්නේ විශය භාර අමාත්‍යවරයා හෝ ජනපති නොව එක්කෝ සහෝදරවරු වන බැසිල්, ගෝඨා හෝ චමල්ය. එසේ නැතහොත් නාමල්, යෝෂිත හෝ රෝහිත යන පුතුන්ය. ඒ නිසා කබ්බෝ රජ වූ අතර වැඩ්ඩෝ රට ගියෝය.
අවසානයේ ගමේ උන්දැලාගේ ඡන්දය ගැන හීන දැක්ක රාජපක්ෂලාට විරුද්ධව පළමුව අවි අමෝරා ගත්තේ වෘත්තීයවේදීන්ය. එහෙත් රාජපක්ෂවරු එය ගණන් ගත්තේ නැත. එසේ වෙන්වීම තුළින් ඔවුන් බලාපොරොත්තු වුයේ සමාජ යථාර්ථය රජයන, තම අදහසට පිළිතුරක් කෙසේ වෙතත් එයට ඇහුම්කන් දෙන අයකු සොයා ගැනීමටය. ඒ අනුව පොදු සතුරා වෙනුවට පොදු අපේක්ෂයකු බිහි කළේ ඔවුන්ගේ අරගලයේම අවසන් නිශ්පාදනයක් ලෙසය. එම අසිරිමත් අවස්ථාවට මෛත්‍රීපාල සිරිසේන මහතාට එක්වීමට හැකි වූයේ දෛවෝපගත පිනක් නිසාය. මේ නිසා මෛත්‍රී පොදු අපේක්ෂකයා වූ කළ ඔහු පසුපසින් සිටියේ උගතුන් නොව බුද්ධිමත් පිරිස්ය. ඔවුන් විවිධ වෘත්තීය නියෝජනය කරන අයවූහ. එහෙත් මහින්දට උදව් කළේ සියලු ජාවාරම්කරුවන් සහ හොරුන්ය. මේ නිසා අවසානයේ පිරිසිදු නිකැළැල් මැතිවරණ සටනක ප්‍රථිඵලය වූයේ මෛත්‍රිවැනි නායකයකු බිහි වීමය.
එම ජයග්‍රහණයට කිසිඳු පක්ෂයකට මාතෘත්වය ගත නොහැක. එසේ ගතහොත් එම ජයග්‍රහණය පොදු සටනක් නොව පක්ෂ ජයග්‍රහණයක් වනු ඇත. ඒ නිසා මම නොව අපි යන කාරණාව මත සිට මේ ආණ්ඩුව ක්‍රියාකළ යුතු මිස ඉන් ඔබ්බට නොයා යුතුය.
විශේෂයෙන් මෙම කතාව කියන්නට හිතුවේ මේ වනවිට වෛද්‍යවරු සහ ආණ්ඩුව අතර ඇතිව තිබෙන ගැටලුව අධ්‍යනය කොටය. විශේෂයෙන් මෙම ප්‍රශ්නයේදී රජය හරි කියන්න හෝ වෛද්‍යවරු වැරදී කියන්නට අප යන්නේ නැත. එසේ කීමට මහජනතාවට කිසිම මොහොතක අවස්ථාවක් රජය විසින්ද ලබාදිය යුතු නැත. හේතුව මේ සැමදෙනාම අපේ අය නිසාය.
ඒ නිසා රජය කළ යුත්තේ මේ ප්‍රශ්න මෝදු වන්නට පෙර විසඳීමට මැදිහත් වීමය. එසේ නොමැති වුවහොත් ආණ්ඩු විරෝධී කැරැල්ල ක්‍රම ක්‍රමයෙන් මතුවන්නේ ආණ්ඩුවටත් හොරාය. අවසානය වන විට මේ සිද්ධින් ජනතා රැල්ලක් බවට පත්වනු ඇත. එදාට අපරාදේ, එදා අපිට විසඳන්න තිබුණේ යැයි සිතෙනු ඇත. එවිට අශ්වයා පැනගොස් හමාරය.එවිට ස්තාලය වසා වැඩක් නැත.
ආණ්ඩුව වෛද්‍යවරුන්ගේ ගැටලුව පමණක් නොව ඊට පෙර තවත් ගැටලු කිහිපයක් අනාගත්තේය.(විශේෂයෙන් රේගු නිලධාරීන්ගේ ගැටලුව) ඒ අනාගැනීම සිදුවුයේ ආණ්ඩුව නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසාය. නිහඬතාවය ප්‍රශ්න රැසක ආරම්බයක් විය හැකි බව අතීතයේ අත්දැකීම් අපිට කියාපාන්නෝය. ඒ නිසා අතීතයේ අත්දැකීම් වර්තමානයේ ගමනක අත්වාරුවක් කරගත යුතුය. එසේ නොමැති වුවහොත් අවසාන ප්‍රතිපලය වන්නේ විනාශයක් මිස ජයග්‍රහණයක් නොවන්නේය. විශේෂයෙන් එම ජයග්‍රහණයේ මිහිර ලබාදිය හැක්කේ මෛත්‍රිට මිස වෙන කිසිවකුට නොවේය. හේතුව මෛත්‍රී අපේ නායකයා වීම නිසාය. අපේ නායකයා කබ්බන් රජ කරවන්නේ නැත. රජ කරවන්නේ වැඩ්ඩන්මය. ඒ නිසයි අප "රටකට ඕනෑ අපමණ අගයක්-හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්" කියා සිය දහස් වාරයක් සිතින් මැතුරුවේ බව සියලු දෙනා මතක තබා ගත යුතුය.
No comments