Breaking News

ලැන්ටියාගේ චින්තනය 11

මහින්දගේ පූට්ටුව, පෝට්ටුව සහ බෝට්ටුව


මහින්ද දැන් පූට්ටු දාගෙන පොහොට්ටු හරහා බෝට්ටු නගින්නට යන්නේය. ඒත් මහින්දගේ පූට්ටුව අවුල්ය. ඒ නිසා පොහොට්ටුව පිපෙන්නට කල් යන්නේය. මේ දෙකම නිසා මහින්දට කවදාවත් බෝට්ටු නගින්නට බැරිය.


 

කොහොම උණත් මහින්දගේ පූට්ටුවත්, පොහොට්ටුවත්, බෝට්ටුවත් ගැන යමක් කියන්නට හිතුනේ හැමදෙනාම ඇස් ඇරගෙන බලා ඉන්නා නිසාය. මේ කතාව කියවූ පසුව මහින්ද යනු සුරුට්ටුවක් බව බොහෝදෙනාට වැටහෙනු ඇත.


 

මහින්ද පැරදී මැදමුලනට ගියේ නැවත දේශපාලනය කරන්නට හිතාගෙන නොවේය. මේ බව හොඳින්ම තහවුරු වන්නේ මහින්ද පැරදී මාසයක් යන්නට මත්තෙන් එවකට කතානායක නිළ නිවසට කැන්දා මෛත්‍රීට පක්ෂ සභාපතිකම දෑතින් පුදදීම නිසාය. ඉන් අනතුරුව මහින්ද නිදහස් විය. එසේ මහින්ද නිදහස් වන විට බැසිල් ඊට ඉස්සරින් නිදහස සොයා ඇමරිකාවට පලා ගියේ මේ පරාජයට තමන් වගකිව යුතු බවද දන්වාය. ඊට පසු අපේ මීඩියා ගෝඨාභය පසුපස ගියත් ඔහුද දේශපාලනය අත් හැර සිටියේය. නාමල්ලාද පීක් නැත.


 

එහෙත් රාජපක්ෂ දේශපාලනයෙන් යැපුන, අනාගතයක් නැති විමල්ටත්, ගම්මන්පිලටත්, දිනේෂ්ටත් සහ ශ්‍රිලනිපයේ පිරිසකටත් මහින්ද නැතුව බැරිවිය. ඒ නිසා නන්නත්තාර වී සිටි මොවුන් පූට්ටු දාගත් අතර එම පූට්ටුවම මැදමුලනට ගොස් මහින්දවද එක්කර ගත්තේ මේ දීගය තවදුරටත් කන්නය. අවසානයේ මහින්ද කරලියට ආවේය. එසේ මහින්ද එන විට සැඟව විය ගිය බැසිල්ද කරලියට ආවේය. නාමල්ද ඇරියේ නැත. ඒ අනුව පූට්ටුව මෛත්‍රීට බල කරමින් කියා සිටියේ කෙසේ හෝ මහින්දට එළඹෙන මහ මැතිවරණයේදී ශ්‍රිලනිපයෙන් ඡන්දය ඉල්ලන්නට දෙන ලෙස කියාය. මෛත්‍රී ඒ අවස්ථාව ලබා දුන්නේය. මහින්ද අගමැති අපේක්ෂකයා ලෙස ඉල්ලුවේය. එහෙත් මෛත්‍රී පෙනි පෙනී මහින්දට ගැහුවේය. මහින්ද පැරදුනේය. කට්ටිය කිව්වේ මෛත්‍රී නිසා මහින්ද පැරදුණු බව කියාය. එය හාස්‍ය ජනක ප්‍රකාශයක් විය. එනම් අච්චර පපුවට ගහගත් වීරයාට මෛත්‍රීගේ වචනයක් නිසා ඡන්දය අහිමිවුණා නම් කවුද ප්‍රබල යැයි බයියන්ගේ කල්පනාවට ආවේ නැත. ඒ අනුව පැහැදිලිවම මහින්ද අවුට් ඔෆ් ෆැෂන්ය.


 

එසේ පැරදුණු මහින්ද නැවත දේශපාලනයට ගේන අදහස කට්ටිය අතහැරීයේ නැත. එවර මහින්ද ඇතුළු පිරිස අලුත් පක්ෂයක් පිහිටුවන්නට කල්පනා කළේය. එය නෙළුම් පොහොට්ටුව විය. එහි අරමුණ වූයේ 2020 ජනාධිපතිවරණය ගැනය. එනම් මහින්ද මහතා විසින් පක්ෂය ඉහළට ගෙන 2020 දී  ගෝඨා පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කිරීමය. මෙය විමල්, ගම්මන්පිළ, වාසු, දිනේෂ් මහින්දට කීවේය. මෙය ඇසූ මහින්ද අන්ද මන්ද විය. අවසානයේ මහින්ද ශ්‍රිලනිපයේ හිතවාදී පිරිස හරහා හොරෙන් බැසිල්ව පක්ෂයට ප්ලාන්ට් කළේය. ඒ ගෝඨා විරෝධය එළියට නොපෙන්වමිනි. කෙසේ වෙතත් එම ආගමනයට විමල්ලා වාසුලා තවමත් කැමති නැත. ඒ බව එළියට නොපෙන්වා ඇතුළේ පිරිස කෙහෙවලු පටලවා ගන්නේය.


 

මහින්දගේ පරාජයට තමන් වගකිව යුතු බව කියු බැසිල්ව දැන දැනත් මහින්ද  ගෙන ආවේ ගෝඨා විරෝධය සඳහාය. ඒ බව කූඹි පුකක් තරම් මොලයක් ඇති ඕනෑම අයකුට දැනෙන දෙයකි. එහෙත් කරුමය නම් ඇතැම් බයියන්ට කූඹි පුකක් තරම්වත් මොළය නැති වීමය. එහෙත් අලුයට ගිණි පුපුරු දළු දමන්නේය.


 

දැන් දැන් රාජපක්ෂවරුන්ගේ සීතල යුද්ධය උත්සන්න වී ඇත. මහින්දට ඕනේ ගෝඨාව මේ ජනපති සිහිනයෙන් එලවා දමන්නටය. ඒ සඳහා මහින්ද කෙසේ හෝ ට්‍රයි කරන්නේ ජනාධිපති ක්‍රමය මෛත්‍රීට කියා ඉවත් කර අගමැති පුටුව බලාත්මක කිරීමටය. එය මහින්ද රෑට හීනෙන්ද දකින්නේය. එහෙත් එය කවදාවත් සිදුවන්නේ නැත. එය සිදුකළ යුතුද නැත.


 

කෙසේ වෙතත් දැන් ඇහැළියගොඩින් අලුත් පක්ෂය පුප්පන්නට යන්නේය. එහෙත් ශ්‍රිලනිප පිරිසක් එයට විරුද්ධය. එයට හේතු කාරණා ඇත. එනම් අලුත් පක්ෂය පිහිටුවීම මත එම පක්ෂයට එකතු වන්නේ ශ්‍රිලනිපයේම පිරිසක් මිස වෙනත් කිසිවකු නොවන බව ඔවුන් දන්නේය. එසේ වුවහොත් බලය ලබා ගැනීමට කල්ප ගාණක් පෙරුම් පුරන්නට වන්නේය. එනම් එයට හේතුව වන්නේ අලුතින් එක්වන මැතිවරණ ක්‍රමය නිසාය. ඒ බව මහින්දද දන්නේය. දැන් මහින්දද අලුත් පක්ෂය මගහරින්නේය. එහෙත් බැසිල් දැන් මහින්ද පරයා පක්ෂය ගොඩ නගන්න යන්නේය. ඒ ශ්‍රිලනිපයේ දෙතුන් දෙනෙකු සමඟිනි. ඒ හරහා බැසිල් දැන් සිහින දකින්නේ 2020 මහ පුටුවේ නිදිවදින්නටය. ඒ මහින්දටත්, ගෝඨාටත්, නාමල්ටත් කෙළවමිනි. ඒ බව දන්නා නිසා හැමෝම රිවස් ගියරය දමාගෙන ඉන්නේය.


 

ලබන අට වෙනිදා අලුත් පක්ෂය පටන් ගන්නා බව දැන් දැන් හැමතැනම ප්‍රචාරය වන්නේය. මහින්දගෙන් ඒ පිළිබඳව ඇසූ පසු මහින්ද නෑ නෑ කියන්නේය. එහෙත් බැසිල් රටටම කෑ ගසා කියන්නේ වැඩේ පටන් ගන්නා බව කියාය. මේ වෙනකොට බැසිල් අහක හිටිය නයෙක් වී ඇත. දැන් ඉන්නේ රෙද්ද අස්සේය.


 

කොහොම උණත් මේ වන විට මහින්දගේ පූට්ටුව පුපුරන්නට පටන්ගෙන ඇත. මේ නිසා පොහොට්ටුව කොයි වෙලේ හෝ පරවෙනු ඇත. එහෙයින් අවසානයේ මහින්ද බෝට්ටුවේ තනිවිය හැකි අතර අනෙක් රැළ නැව් වල එල්ලි ගොඩට යනු ඇත.

1 comment: