Breaking News

ලැන්ටියාගේ චින්තනය 13

රෑ දැනියෙල් දවල් මිගෙල්


මහින්ද ඉස්සර වගේ නෙමෙයි. දැන් හරි වෙනස්. කතා කරන්නේ, හිනා වෙන්නේ, ඇවිදින්නේ හරි අමුතුවට. හරියට නිකන්... අනේ මන්දා අනේ කියන්න තේරෙන්නෙත් නෑ.



මේ ළඟඳි ඉඳන් මහින්දට පුදුම සත්ත්ව කරුණාවක් පහල වෙලා. එයා ළඟදි කියනවා විග්නේෂ්වරන් මහ ඇමතිතුමා ජාතිවාදියෙක් කියලා නිකමටවත් එයා හිතන්නේ නෑලු. හිතන්නේ තියා පතන්නෙවත් නැති විදිහටයි එයා ඒක කිව්වේ. එයා මේ කතාව කාටද කියන්නේ? කියන්නේ දෙමළ මාධ්‍යවේදීන්ට. එහෙම කියලා පන්සල් වත්තට බැහැලා, සිංහල මාධ්‍යවේදීන්ට ඇහෙන්න කියනවා "මේ ආණ්ඩුව උතුරේ ජාතිවාදී විග්නේෂ්වරන්ලා එක්ක එකතුවෙලා අපේ රට කෑලි කැලි කරන්න යනවා අපේ හාන්දුරුවනේ" කියලා.එහෙම කියලා පපුවට දෙකකුයි, මයික් එකට එකකුයි ගහලා බහිනවා. ආයි දෙමළ මාධ්‍යට කියනවා දේශපාලන සිරකරුවෝ මුදාහරින්න ඕනලු. ඒකට එයත් කැමතිලු. එතකොට අපිට අහන්න තියෙන්නේ එයාගේ බලය කාලයේ දේශපාලන සිරකරුවෝ හිටියේ රෙද්ද අස්සෙද කියලා. දෙමළ මාධ්‍යවේදීන්ට එයා එහෙම කියලා යනවා මුස්ලිම් හජ්ජියාර්ලා ගාවට. ගිහිල්ලා කට්ටිය මැද්දේ තියාගෙන මහින්ද සිංහයෙක් වගේ හිතාගෙන කෑගහලා කියනවා  "ඔයැයිලා බයවෙන්න එපා. අපේ ආණ්ඩුවක් ආපුවම ඔයැයිලා සේරොමල්ලා මම ආරක්ෂා කරනවා'' කියලා. මෙලෝ හසරක් දන්නේ නැති හජ්ජියාර්ලා අප්පුඩි තලනවා එයාගේ කතාවට. ඊට පස්සෙ ඕන් පන්සල් වත්තට පනිනවා. පැනලා මෙහෙම කියනවා "හකීම්ලා, රිෂාඩ්ලා එකතු වෙලා නැගෙනහිරයි, උතුරයි මුස්ලිම් අන්තවාදී කොලනි හදනවා අපේ හාන්දුරුවනේ. සිංහල ජාතිය එහෙම වඳකරන්න දෙන්න බෑ හාන්දුරුවනේ. අපේ ආගමත් ජාතියත් රැකගන්න ඕන
හාන්දුරුවනේ" එ‍හෙම කියලා පපුවට දෙකයි මයික් එකට එකයි ගහලා බහිනවා.


දැන් මේ සිද්ධි අරගෙන බලන්න. මහින්ද මොකක්ද කියන්නේ? මොකක්ද මහින්දගේ දේශපාලනය? මහින්ද ඇයි එක එක වචන කියන්නේ? සරලව ඇහුවොත් ඇයි මහින්ද දවල් මිගෙල් රෑ දැනියෙල් පාට් එක දාන්නේ? කතා දෙකක් නෑ. මහින්ද තවමත් හීන දකිනවා අගමැති වෙන්න. ඒක සරලව කරන්න බෑ කියලත් මහින්ද දන්නවා. අගමැති වෙන්න නම් දෙමළගෙත්, මරක්කලයගෙත් ඡන්දය ඕන කියලා මහින්ද හොඳටම දන්නවා. අන්න ඒ නිසයි මහින්ද මේ රඟපෑම කරන්නේ.


දෙමළ ඉස්කෝලේ කොල්ලෝ උස්සලා, උන්ගෙ අතපය කඩලා, මරලා දාලා කප්පම් ගන්නකොට මහින්ද එදා හිටියේ කොහෙද? නෝලිමිට් එකටයි, ෆැෂන් බග් එකටයි ගහලා කුඩුකරලා ගිනි තියනකොට මහින්ද හිටියේ නිදියගෙනද? දර්ඝා ටවුන් එකට බොදුබලය බැහැලා අතපය කඩලා ගෙවල් ගිනිබත් කරද්දි මහින්දට ගට තිබ්බේ නැද්ද ඒ මිනිස්සු ආරක්ෂා කරන්න? නෑ, එතකොට මහින්ද හැංඟිලා හිටියේ. මහින්ද එතකොට ගෝඨට කවර් වෙලා හිටියේ. ඒ නිසා මහින්දට ගට තියා කටවත් තිබ්බේ නෑ.


මහින්ද නිතරම හිතුවේ  සිංහල ඡන්ද තමයි තීරණාත්මක ඡන්ද කියලා. ඒ නිසාම තමයි මහින්දට ගෙදර යන්න වුණේ. දැන් මහින්ද හිතනවා තීරණාත්මක ඡන්ද තියෙන්නේ දෙමළ අයටයි මුස්ලිම් අයටයි කියලා. ඒකයි පැන පැන මහින්ද සුළු ජාතිය ආරක්ෂා කරගන්න හදන්නේ. ඒකයි මහින්ද සුපර් මෑන් වෙන්න හදන්නේ.


හැබැයි මහින්ද තවම දන්නේ නෑ රටේ බහුතරයක් සිංහල, දෙමළ, මුස්ලිම් ඡන්ද තීරණාත්මක ඡන්ද කියලා. මොකද දැන් ගොඩක් අය ජාතිවාදය ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. මහින්ද වගේ ජාතිවාදයට ගිනි පිඹපු කෙනෙක්ට කොහොමත් බුද්ධිමත් මිනිහා රැවටෙන්නේ නෑ. මහින්ද අද පපුව තලාගෙන කෑගහලා කිව්වත් දෙමළව සිංහලයව ආරක්ෂා කරනවා කියලා, ඒ ඔක්කොම වැල් බයිලා විතරයි. කොහොමත් දැන් මහින්ද ඉන්නේ මුරුංගා අත්තේ. මුරුංගා අත්තේ කෙරවලක ඉන්න නිසා මහින්දට අතීතය පේන්නේ නෑ. ඒ නිසයි මහින්ද දැන් විමල්, ගම්මන්පිල, වාසු වගේ කියන අයගේ රූකඩයක් වෙලා ඉන්නේ.


දැන් මහින්ද හිතනවා සමූපකාර ඡන්ද ටික එකින් එක දිනන නිසා කවදා හරි අගමැති වෙන්න පුළුවන් කියලා. ඒ බව විමල්, ගම්මන්පිල, වාසු වගේ උන්දැලත් සහතික කරනවා. හැබැයි මහින්ද දන්නේ නෑ දැන් දෙකේ කොලේට වැටිලා කියලා. ඒක මහින්දට පේන්න විමල්ලා ඉඩ තියන්නේ නෑ. කමක් නෑ මහින්දගේ කැමැත්ත හැමදාම රජාවගේ ඉන්න නම් සමුපකාරෙත් සැපයිලු. ඒ නිසා මහින්ද ඒ ආතල් එක ගත්තදෙන්. හැබැයි මහින්ද කොච්චර කෑ ගැහුවත් අන්තිමට එන්නේ පොල්පැලේ කන්න කියලා හැමෝම දන්නවා.

No comments