Breaking News

ලැන්ටියාගේ චින්තනය 14

මලිත්ට ගහනවා.. ඉක්මනට චංචලා අඬන්නකෝ


මෛත්‍රී එදා දෙහි කැපුවේය. දිල්රුක්ෂි අද යන්නට ගියාය. දැන් කට්ටියම අන්ද මන්ද වීය. ඒ අල්ල පනල්ලේ දෙපිරිසක් අමුතුම චූන් එකකය. පිරිසක් මෛත්‍රීට තඩිබාන්නේය. තවත් පිරිසක් මෛත්‍රීගේ දෑත හොරාට ශක්තිමත් කරන්නේය. දැන් සම්පූර්ණයෙන් වතුර බොර වී ඇත. කොහොම වෙතත් දිල්‍ට කියන්නට දෙයක් ඇත. මේ කියන්නේ ඒ ගැනය.


ඇත්තටම දිල් ගියේ ඇයි කියා කාටත් ප්‍රශ්නයක් වී ඇත. බොහෝ දෙනා කියන්නේ දිල් ගියේ මෛත්‍රීගේ නෝක්කාඩුව නිසා බවය. එය ඇත්තය. දිල්ගේ සිත රිදෙන්නට ඇත. දිල් කරපු දේවල් දන්නා නිසා දිල්ට රිදෙන්නට ඇත. හැබැයි මෛත්‍රී කොයි වෙලාකවත් දිල්ට ගැහුවේ නැත. එහෙත් දිල් අයින් වුණේය. "ඇයි මලිත්ට ගහද්දි චංචලා අඬන්නේ " වගේ ප්‍රශ්නයක්  මෙතනද ඇත. මලිත් ගුටි කෑවට වලත්ත වැඩේ කළේ චංචලා බව චංචලාගේ හිත කියන්නේය. ඒ නිසා චංචලා අඬනවා නොව ඇඬුනා විය යුතුය.


දිල්‍ ඔයත් ඒ වගේය. ඔයා අද අස් වුණාට ඔයා ඔය තනතුරට පත්වීම පවා දේශපාලන ආගමනයක් බව රටම දැන ගත්තේ එදාමය. එදා ඔබගේ පත්වීම කෙරෙහි මෛත්‍රී වචනයක් නොකියන්නට ඇත්තේ ඔබ හොඳින් වැඩකරනු ඇතැයි සිතාය. එහෙත් දිල් ඔයා අන්තිමට කළේ සටකපට අම්මන්ඩියකගේ වැඩය. ඔයාට රජයෙන් වෙන්කළ මුදලට අද වෙනතෙක් වෙච්ච දෙයක් නැත. ඔයාගේ නීතිය දෙකක් බව රටම දන්නේය. ඔයා විපක්ෂයේ කට්ටිය එන විට මාධ්‍යට එන්න කියන්නේය. ගිය පසු මේල් දමන්නේය. ඒත් ආණ්ඩුවේ කට්ටිය එනවිට ඔයාගේ කෝල් නැත. මේලුත් නැත. හැබැයි එසේ වන්නේද ශ්‍රී ලංකා අයට නොව යු.ඇන්.පී අයටය. ඔයාගේ පස්ස දොරෙන් ඇතුළට රිංඟන අය ගොඩක් සිටින බව රටම දන්නේය. ඒ අයට එක නීතියකුත් ඉස්සරහෙන් එන අයට එක නීතියකුත් ඔයාට ඇති බව දන්නේය. කෙසේ වෙතත් ඔයා වැඩේ අනාගත්තේ අදක ඊයෙක නොවේය. ඔයාගේ ෆයිල් වල දෝෂ ගොඩ බව කීවේ අප නොව ඔයාගේ ඇතුළේ අයය. ඔයා කිසිඳු විටෙක නීතිපතිවරයාගේ උපදෙසකින් තොරව අදාල ෆයිල් සැකසු බව අප දන්නේය. ඒකට එක උදාහරණයක් දිය හැක. ඔයා ලංකාවේ ලොකුම අල්ලස ගත්ත අය ඇල්ලුවාය. වැඩේ හොඳය. හැබැයි නඩුව අලය. එපමණක් නොව දිල් ඇතුළේ පාලනය ද ඉතාමත් දරුණු ලෙස කරගෙන ගියාය. ඒ බව ඔය ඔතන ඉන්නා නිළධාරින් දන්නේය. දිල් යනු පවතින නීතියෙන් පිට සිට සෙල්ලම් දැමු වැඩකාරියක් මිස තියෙන නීතියට කළ දෙයක් නැත. අවසාන වශයෙන් දිල් කළේ ගෝඨලා අධිකරණය වෙත ගෙන ඒමය. එය සැබවින් ම වෙනත්ම කතාවකි. එය දේශපාලන රඟ දැක්වීමක් විනා වෙන දෙයක් නැත. හැබැයි වැඩේ හොඳට සිද්ධ වුණේය. ඒ ගැන දැන්ම කියන්න යන්නේ නැත. ඉස්සරහට දිල්ගේ වැඩ තව ගොඩක් එළියට එනු ඇත. එදාට දිල්ට ඔය පුටුව කොහොමත් කැප වන්නේ නැත.


කොහොමින් කොහොම හරි මලිත්ලාගේ මග පෙන්වීම හොඳ හැටි තිබුණ නිසා චංචලා ඇති තරම් රඟපෑවේය. එහෙත් ඉස්කෝලේ මහත්‍තයා ඉවසලා ඉවසලා බැරිම තැන මලිත්ලාට ෂොට් එක දුන්නේය. චංචලා ෂොක් වූවා මිස අඬන්න හිතුවේ නැත. මලිත්ලාට බේරිය හැක්කේ චංචලා ඇඬුවොත් පමණි. දැන් චංචලා අඬන්නේය. ආයි ඉක්කෝලේ යන්නත් බෑ කියන්නේය. දැන් මුළු ඉස්කෝලෙම චංචලාගේ ඇඬුම දෙස බලා ඉන්නේ ය. මලිත්ලා පැත්තකට වී ඇද්ද තොට කියමින් ඉස්කෝලෙ මහත්තයට හිනා වෙන්නේය.


හැබැයි ඉස්කෝලේ මහත්තයා කළ බල විය යුතු නැත. දැන් ඉස්කොලේ මහත්තයා කල්පනාවෙන් වැඩකළ යුතුය. චංචලා කෙල්ලෙක් නිසා කාගෙත් චංචලා වෙනුවෙන් කිරි එරිය හැක. ඒ නිසා චංචලා දවසේ තරුව විය හැක. එහෙත් ඉස්කෝලේ මහත්තයා අද බැණුම් ඇහුවත් කවදා හෝ පිං දෙනු ඇත.



ඒ අනුව දිල්ගේ කතාවද ඒ වගේය. දිල්ලා තවදුරටත් සිටියානම් මහින්ද පාර්ශවය පමණක් නොව මෛත්‍රී පාර්ශවයද බොරු නඩු දමා ඇතුළට යවන්නේය. ඒ මලිත්ලාගේ සිතියමට අනුවය. කෙසේ වෙතත් දිල් ගියාට වැඩක් නැත. තව මලිත්ලාට ලව් කරන චංචලාලා වැඩකරන තැන් ගොඩක් ඇත. උන්දැලා බලන් ඉන්නේ ඉස්කෝලේ මහත්තයා පැන්ෂන් යවන්නටය. ඒ නිසා දැන් ඉස්කෝලේ මහත්තයා ඉස්සරහට තවත් පරිස්සම් විය යුතුය. මොකද ගෙදර යන වාහනේ ටයර් වල හුළං යවන්නට මලිත්ලාට ඕනෑම විටක හැකිය.

1 comment:

  1. Foarte bine pus “punctul pe i” in acest articol, dar intrebarea mea este urmatoarea: Dpdv al unui slicer cum e mai bine sa iti construiesti un newsletter, avand in vedere limitatile care le primesti de la outlook 07? Zilele trecute am fost nevoit sa trimit un newsletter destul de repede si am avut nemurate probleme(atat design cat si cod si afisare corecta) – newsletter vert.vdentalelo.Astept opinia ta in modul cum trebuie construit un newsletter (design – mai detaliat, si html).Nice job, Mihai Coman

    ReplyDelete