Breaking News

ලැන්ටියාගේ චින්තනය 24

මහින්දට මහින්දව අමතක වුණාට
අපිට මහින්දව හොඳට මතකයි !


මහින්ද රාජපක්ෂ තරම් මාධ්‍යවේදීන්ට හිතවත් සමීප ලෙංගතු නායකයෙක් මේ ඉතිහාසයට සිටියේ නැත. ප්‍රේමදාස පවා එක්තරා මාධ්‍යවේදීන් කණ්ඩායමක් පමණක් ආශ්‍රය කළත් මහින්දට එහෙම කණ්ඩායම් හිටියේ නැත. තමන් දන්නා ඕනෑම මාධ්‍යවේදියෙක් නමින් අමතන්නටත්, එසේ නොදන්නා උන් 'මල්ලි' ලෙස අමතන්නටත් මහින්ද පුරුදු වී සිටියේය. කරෙන් අතදා ගන්නත්, බඩට පහරක් ගසන්නටත් මහින්ද හමුවූ ඕනෑම මාධ්‍යවේදියකු අත්විඳ ඇති කාරණයකි. එසේම ඉන් එහා ගොස් බදාදා, බ්‍රහස්පතින්දා උදෑසන දුරකථන ඇමතුම් ලබාදෙන්නටත්, ඊටත් වඩා ලෙංගතු නම් උදෑසන කුරහන් තලපයක් ගිල්ලවන්නටත් මහින්ද පුරුදු වී සිටියේය.


මහින්ද කෙතරම් මාධ්‍යවේදීන්‍ට සම්බන්ධද යන්න හෙළිවන්නේ චන්ද්‍රිකා ආණ්ඩුව කාලයේය. එම කාලයේ මාධ්‍යට කැබිනෙට්ටුවේ තොරතුරු ලබාදෙන එකම මිනිසා ලෙස චන්ද්‍රිකා මහින්දව සැක කළේය. ඉන් නොනැවතුණු මහින්ද තමන් ජනාධිපතිවී සිටියදී පවා කැබිනට්ටුවේ සිදුවූ අධෝ වාතය පවා මාධ්‍යවේදීන්ට කියන්න තරම් ලෙංගතු වී සිටියේය. එහෙව් මහින්ද යුගයේ මාධ්‍යවේදීන් දුසිම් දෙකකට අධික ප්‍රමාණයක් ඝාතනය, අතරුදන්වීම, පැහැරගෙන යාම, පහරදීම් ආදී දෑ සිදුවුයේ කුමක් නිසාද යන්න අදටත් ප්‍රශ්නයක් වී ඇත.


කෙසේ වෙතත් මාධ්‍යවේදීන්ට එල්ලවු හිංසනයන්ට මහින්ද සැබවින්ම සම්බන්ධ වූයේ නැත. එහෙත් තමන්ගේ නිවසේ එක්තරා කොනක සිට එම මෙහෙයුම් සිදුවන බව මහින්ද හොඳාකාරවම දැන සිටියේය. එහෙත් කටයි පුකයි වසාගෙන සිටියා මිස මහින්ද වචනයක් කතා කළේ නැත.


විශේෂයෙන් ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ මහින්ද සමීපවම සිටි කාලයේය. ලසන්ත ඒ නිසාම තර්ජනයන් තිබියදී පවා ඒවා තඹ දොයිතුවකට මායිම් කළේ නැත. ඒ මහින්ද මිත්‍රයා නිසාය. එසේම කීත් නොයාද පැහැරගෙන ගියේ මහින්ද නොදැනුවත්ව බව ලියුම්කරු සැබවින්ම දන්නා දෙයකි. මේ නිසා කීත් නැති වූ සැණින් ක්‍රිෂාන්ත කුරේ පළමු ඇමතුම ලබාගත්තේ මහින්දටය. මහින්ද ඒ සැණින් ගෝඨාභයට ගත් අතර ගෝඨා මහින්දගේ කීම නිසා වගකීම භාරගත්තේ නැවත කීත්ව කොහේ සිටියත් නිවසට යවන බව කියාය. ඒ බවට හොඳම සාක්ෂිය වන්නේ එවකට කොළඹ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක නැවත කීත් එන බවට කීත්ගේ හිතවතුන්ට පොරොන්දු වූ නිසාය. ඒ නිසා මෙලෙස මාධ්‍යවේදීන්ට සිදුවූ හිංසන නිවසේ කොයි මුල්ලෙන් සිදුවුණාද යන්න මහින්ද දැන සිටියේය. එහෙත් කට ඇරියේ නැත. එපමණක් නොව මර්වින් සිල්වා රූපවාහිණියට පැන මගුල් නැටීමත්, සියත, සිරස ආයතන වලට බෝම්බ ගැසීමත්, ලංකා ඊ නිව්ස් ආයතනය ගිනිබත් කිරීමත් මහින්ද හොඳාකාරවම දැන සිටියේය.



ඒ නිසා මුලින් කියූ පරිදි මේ අපරාධ මහින්දගේ නියෝග අනුව නොකළත් ඔහු සියලු දේ දැන සිටියේය. එහෙව් මහින්ද අද මාධ්‍යවේදීන්ගේ ජීවිතේ අනතුරේ බවත්, මාධ්‍ය ස්වාධීන නොමැති බවත් පවසන්නේය. ඒ නිසා මහින්දට කියන්න ඇත්තේ එක දෙයකි. මහින්දට මහින්දව අමතක වුණාට, අපට මහින්ද හොඳට මතක යැයි කියාය.

No comments