Breaking News

ලැන්ටියාගේ චින්තනය 25

ප්‍රමුඛතා මංතීරු ලබ්බකටද?


විනයක් නැති සමාජයක් රටට බරක් බව හැමදෙනාම පිළිගන්නා දෙයකි.විනය යනු හික්මීමයි.හික්මීම රජයකින් සිදුකළ හැකි දෙයක් නොවේය.හික්මීම ඇතිවිය යුත්තේ තම පවුලෙන් හෝ සිය ජීවිතයේ ලබන්නාවූ අත් දැකීම් සහ අධ්‍යාපනය මගිනි.එහෙත් එලෙස විනයක් ඇති නොවන්නේ එය ඇති කළ හැක්කේ රජයටද පමණි.


රජය විනය සැදීමට අත ගැසුවොත් එය පුරවැසියාට ප්‍රශ්නයකි.එයට හේතුව වන්නේ රජයකට විනයක් ඇති කිරීම සඳහා නීති පැනවීමට සිදුවන නිසාය.එම නීති කඩකරණ ඕනෑම අයකුට දඩයක්,දඬුවමක් දීමට රජයට හැක.එවිට අවිනීත පුරවැසියා දැඩි ලෙස පීඩාවට පත්වන බව අමුතුවෙන් කිවයුතු නැත.



කෙසේ වෙතත් මේ කියන්නට යන්නේ අලුතින් ආ විනයකට පිරිසක් විසින් සිදුකරනු ලබන විවේචන ගැනය.මාර්ග තද බදය අඩුකිරීමේ අරමුණින් ප්‍රමුඛතා මංතීරු ක්‍රමය මේ වන විට ආරම්බ කර ඇත.නව මංතීරු ක්‍රමය දැනට ක්‍රියාත්මක වන්නේ මගී බස් රථ සඳහාය.එය සැබවින්ම කාලෝචිත පියවරකි.



අද මහා මාර්ගය තුළ විනයක් හික්මීමක් නැති එකම ජාතිය බවට පත්වි ඇත්තේ මගී බස් රථය.එහෙන් මෙහෙන් ගසා ඉදිරියට ඇදෙන බස් රථ තමන් සතු වගකීම් තඹ දොයිතුවාකට මායිම් නොකරණ තැනකට පැමිණ ඇත.ඔවුන්ට මගියාත් පදිකයාත් පිළිබඳ අබමල් රේණුවක ආදරයක් නැත.ඔවුන්ට අවශ්‍ය වන්නේ මුදල්ය.ඒ නිසා ඔවුන් මාර්ග සංඥා,නීති ගැන තකන්නේ නැත.


කෙසේ වෙතත් මෙම නව ක්‍රමවේදය යටතේ බස් රථ යායුත්තේ තමන්ගේ මාර්ගයේය.එම මාර්ගය තුළ බස් රථ පමණක් මිස වෙනත් වාහන ඇතුල් විය නොහැක.ඒ බව සංඥා මගින් පෙන්වාද ඇත.ඒත් කරුමය නම් ඒ බව පෙනි පෙනීත් වෙනත් රියදුරන්ගේ වාහන එම මාර්ගය තුළට රිංගවූ අවස්ථා අනන්ත අප්‍රමාණ ඇත.ඒ විනය නැති කමකි.එසේම සිතිමේ නොහැකියාව නිසාය.එක් අයකුගේ මෙවැනි මුග්ධ ක්‍රියා නිසා සමස්ථ ක්‍රියාදාමයම අවුල් වී යා හැක.



කෙසේ වෙතත් මේ ක්‍රමවේදය ඇතමෙකුට විහිළුය.ඔවුන් පවසන්නේ මෙය කාලය නාස්ති කිරිමක් ලෙසය.කරන්නට දෙයක් නැත ලෝකය පිළිබඳ යාවත් කාලීන නොවීම නිසා මෙවැනි දේ විකාර රූපි විය හැක.දැනට මෙවැනි මංතීරු ක්‍රම ලෝකයේ ප්‍රධාන නගර වන ලන්ඩන්,පැරිස්,සිඩ්නි,නිව්යෝක්,ටෝකියෝ වැනි රටවල පමණක් නොව පුංචි රටවල පවා ක්‍රියාත්මක වෙති.අපි තවමත් අත් හදා බැලීම් පමණකි.අපේ රට ලෝකයට කෙතරම් විහිළුවක්ද කියතොත් අපි මන්තීරු සකසන විට ඇතැම් ප්‍රධාන රටවල නගර 2020 වන විට සිය නගර තුළට වාහන ඇතුල් වීම පවා නවතා දැමීමට තීරණය කර ඇත.අනෙක් රටවල් දියුණුවන විට අපි ඒ දෙස බලා ෂා අන්න රටවල් කීවත් අපේ රටේ ක්‍රියාත්මක වන විට මුන්ගේ බොරු වැඩනේ කියා කීමට තරම් පහළට වැටී ඇත.



ඒ නිසා අප වැනි රටක විනය නීති මගින් මිස ජානවලින් සැදෙන්නේ නැත.එසේ සෑදුනත් ඉතා කලාතුරකිනි.ඒ නිසා දැන් කළ යුත්තේ බලෙන් හෝ මේ රට විනයකට ගැනීමය.මංතීරු බැරිනම් ඕනෑම විනයක් සැකසීමට තරම් දෙයක් කළත් අප එයට විරුද්ද නැත.අපි එයට බාල්දි පෙරලන්නේ නැත.අපි එයට උදව් කරණවා විනා වෙන ලබ්බක් අපිට වැඩක් නැත.ඒ නිසා අපේ අනාගත පරපුර වෙනුවෙන් ගනු ලබන ඕනෑම සුබවාදී පියවරකට සහය දෙනවා විනා ලෙඩ දමන්නේ නම් ඔහු ජාන විකෘති සූකරයෙකි.නැත්තන් ජාන විකෘති සුනඛයෙකි.ඒ නිසා මං තීරු නිතීය අහවල් ලබ්බකටදැයි අසන්නන්ට කනට ගසා ලෝකය පෙන්නන්න යැයි අපි ඉල්ලමු.

1 comment: